දේශපාලන නාටකයක පසුවිපරම

April 11, 2018

පසුගිය දින අවසන් වූ විශ්වාසභංගය හරහා සිරිසේන හා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දෙපාර්ශවය බලාපොරොත්තු වූ අරමුණ ජයග්‍රහණය කිරීමට නොහැකි විය. මේ වනවිට ලාංකීය දේශපාලනය තුල සියලු පාර්ශවයන් සුදානම් වන්නේ 2020 ජනපතිවරණය සඳහාය. ලාංකීය දේශපාලනය තුල ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කරන සිරිසේන, රනිල්, මහින්ද යන තුන් කට්ටුවම මේ වනවිට ඉදිරි ජනපතිවරණය ඉදිරියේ දැඩි ලෙස පරාජිත මුහුණුවරක සිටිනු අයුරු දැකිය හැක. පසුගිය පළාත් පාලන ඡන්දයේදී සිරිසේන නියෝජනය කල ශ්‍රීලනිපය හා එජනිස අන්ත පරාජයට පත් වූ අතර , රනිල් ගේ එජාපයද තමන්ගේ ඡන්ද පදනම දැඩි ලෙස හානි කරගත් මැතිවරණයක් විය. ඉන් දකුණේ වැඩිම ජයග්‍රහණයන් ලබාගත් පොහොට්ටුවේ නායක මහින්දටද 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවත ජනපතිවීමට නොහැක. මෙවැනි වාතාවරණයකදී මේ ත්‍රිත්වයටම අවශ්‍ය වන්නේ මහ මැතිවරණයකි. ඒ වෙනුවෙන් පෙරසුදානම වශයෙන් පසුගිය දින මහින්ද හා සිරිසේන සුසංයෝගයෙන් ගෙන ආ විශ්වාසභංගය නොසිතු ලෙස පරාජයට පත් විය. යම් ලෙසකින් විශ්වාසභංගය ජයග්‍රහණය කළා නම් , මහින්ද හා සිරිසේන යලි දේශපාලන දීගයක යන අතර, ඉක්මනින් ආණ්ඩුව විසුරුවා මැතිවරණයක් තුලින් යලි ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනගා 2020 ජනපතිවරණයට යනු ඇත.


මෙහිදී ගෝඨාභය රාජපක්ෂ පිළිබඳවද යමක් ප්‍රකාශ කල යුතුය. මේ රටේ සිංහල අන්තවාදීන් ඇතුළු පිරිසකගේ අධ්‍යාත්මික නායකයා වන ගෝඨාභයට රාජපක්ෂ පවුල තුල මේ වන විට කිසිදු දේශපාලන ඇයි හොඳයි කමක් නැත. කොතෙක් දුෂණ චෝදනා තිබුනත් බැසිල් යනු මහින්ද රාජපක්ෂගේ හිතෛෂී දේශපාලන කාඩර්වරයාය. ගෝඨාභය ” වියත්මග ” වැනි අදේශපාලනික ලයින් ඔස්සේ ජනපතිධුරයට ඉව ඇල්ලුවද , රටේ බහුජනයාගේ කැමැත්ත දිනාගැනීමට ඔහුට කිසිසේත්ම නොහැක. ඔහුට එල්ල වී ඇති චෝදනා යම් ආකාරයකින් නීතිය ඉදිරියට පැමිණියහොත් ඔහු අනිවාර්යෙන්ම දඬුවම් විඳිය යුතු අයෙකු ලෙස රාජපක්ෂ පවුල පමණක් නොව සිරිසේනද අවබෝධ කරගෙන ඇත. මේ වනවිට සිරිසේන හා ඔහුගේ සොයුරු ඩඩ්ලි සිරිසේනගේ සහයෙන් සහ රනිල්, සාගල, මලික්ගේ  පිහිටෙන් මේ රටේ උසාවියෙන් වහන්වීමට හැකි වුවද , එයද දිගු කාලීන විසඳුමක් නොවේ. මේ සියලු කාරණාවලින් පසක් වන්නේ 2020 ජනපතිවරණයට ගෝඨාභයද පුස්සෙකු බවට ඔවුන්ගේ දේශපාලනයේ ඉහල ඇවරිය විසින්ම හඳුන්වා ඇති සේයාවකි. මෙවර මැතිවරණයෙන් පසුව ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක සිට රිය පෙරහරකින් මීළඟ ජනපති අපේක්ෂකයා යැයි මහා ගෝෂාවක් නගා කොළඹට රැගෙන ඒමට තිබු සැලසුම් බොඳ කරන ලද්දේද මහින්ද හා බැසිල් විසිනි. මේ ලෙසින් බලන විට ලාංකීය දේශපාලන මේ මොහොතේ දිස්වන්නේ දැඩි අරාජික ස්වරූපයකි. එය වඩාත් ඔප්පු වූ දිනය ලෙස පසුගිය දින පවතී විශ්වාසභංගයේදී තවත් ඔප්පු විය.


එමෙන්ම මේ රටේ ඔලමොට්ටල ජාතිවාදීන් විසින් සිංහල ජනයාගේ ඡන්දයෙන් පමණක් මේ රටේ දේශපාලනය වෙනස් කිරීමට සිතා සිටින අතර , එය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද ලැබූ ජයග්‍රහණයත් සමග අමන්දානන්දයට පත් වී ඇති සැටි දුටුවෙමු. එහෙත් මේ රටේ චන්ද පදනමට උතුරු නැගෙනහිර අයත් නොඉවන් බව සිතා සිහින දකින්නන්ට පසුගිය දින පැවති විශ්වාසභංගය තුලින්ද යම් පණිවිඩයක් දී තිබුණි. මේ සියලු කාරණා වලින් පැහැදිලි වන්නේ ජාතිවාදය කරපින්නාගෙන යන දේශපාලඥයින්ට ජාතික දේශපාලනය තුල විශාල ඉඩක් නොමැති බවය. එබැවින් 2020 යනු මේ රටේ යල් පැනගිය ජාතිවාදී දේශපාලුවන්ට සුභ කාලයක් නොවන බව දැන් සනාත වෙමින් පවති. එසේ නම් අප දැන් පෙළ ගැසිය යුත්තේ සියල්ලන්ගේම විශ්වාසය දිනාගත හැකි අපේක්ෂකයෙකු බිහිකර ගැනීම වෙනුවෙනි.

t

o

p