ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවට එරෙහිව ශ්‍රී ලාංකිකයෝ පෙළගැසෙති

ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙනා යෝජනාවලියට මාර්තු 27 දින පැවැත්වෙන ඡන්ද විමසීමේ දී සහයෝගය ලබා නොදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට බලකරන උද්ඝෝෂණයක් පැවැත්වීමට යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකික එකමුතුව කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාව තුළ රසායනික අවි භාවිතයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නොමැත

ශ්‍රී ලංකාව 1993 ජනවාරි 14 ජාත්‍යන්තර රසායනික අවි සම්මුතියේ ආරම්භක සාමාජිකයෙක් වෙයි. ශ්‍රී ලංකාව තුළට රසායනික අවි හෝ රසායනික නිෂ්පාදනය කළ හැකි රසායන ද්‍රව්‍ය ගෙන්වා නැති බවත්, එවැනි රසායනික අවි මෙරටෙහි භාවිත කළ බව හුදෙක් මනඃකල්පිත අදහසක් බවත්, ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය පිළිබඳව ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් පී. පෙරේරා මහතා පවසයි.  

‘‘ජිනීවා අභියෝගය ජයගන්නා මඟ’’ වැඩපිළිවෙළ 18ක් යෝජනා කෙරේ

ජිනීවා අභියෝගයෙන් ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඒ සඳහා ක‍්‍රියාකළ යුතු ආකාරයත්, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක හා මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ විසින් සිංහල හා ඉංග‍්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම සකස් කරන ලද ‘‘ජිනීවා අභියෝගය ජය ගන්නා මඟ’’ විශේෂ වැඩපිළිවෙළ 18ක් අන්තර්ගත කෘතිය අද (21) එළිදැක්විණ.

Warning over number of war crime suspects living in UK

Official figures may significantly underestimate the number of suspected war criminals living in the UK, the ex-head of the Border Force has warned. Of the cases confirmed by the Home Office, suspects originated from countries including Afghanistan, Iran, Iraq, Libya, Rwanda, Serbia and Sri Lanka.

t

o

p