ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේ

April 3, 2014

World Conferance of Youth 2014ලෝක තරුණ සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැයි 06 වැනි දින හම්බන්තොට රුහුණු මාගම්පුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරේ.

ආරම්භක උත්සවය හම්බන්තොට දී පැවැත්වෙන අතර 07, 08 සහ 09 දිනවලදී පැවැත්වෙන සැසි වාරයන් කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ද අවසන් උත්සවය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වේ.

මෙම සමුළුව සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් තරුණ තරුණියන් 750ක් හා තවත් 750ක පිරිසක් වශයෙන් 1500ක පිරිසක් සහභාගිවීමට නියමිතය.

මෙම සමුළුව සඳහා රුපියල් මිලියන 500ත් 750ත් අතර මුදල් ප්‍රමාණයක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.

ලෝක තරුණ සමුළුව අවසානයේ දී තරුණ තරුණියන්ගේ හා සෙසු පිරිසේ යෝජනා හා අදහස් මත සකස් කෙරෙන කොළඹ ප්‍රකාශය එළිදැක්වීම ද සිදු කෙරේ.
Courtesy: news.lk

The Editor

Previous story Next story

Leave a comment

t

o

p