දශලක්ෂයක පුරවැසි අදහස් විමසමින් සකස්කළ “මහින්ද චින්තන ලොව දිනන මඟ” එළි දැක්වේ

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන මහින්ද චින්තන ලොව දිනන මඟ කොළඹදී දෙසැම්බර් 23 වැනිදා නිකුත් වූ අතර එය සකස් කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ලබාදී ඇති අදහස් සහ යෝජනා සංඛ්‍යාව 1,003,421කි.

ආණ්ඩුව විසින් උතුරේ වර්ජන වැඩපිළිවෙළක්

-මෛත‍්‍රී ප‍්‍රතිපත්තිය රටේ නිදහසත් ජාතික ආරක්‍ෂාවත් තහවුරු කරනවා උතුරේ සහ නැගෙනහිර ජනතාව එහි පදිංචි කලයුතු බවත් ඔවුන්ගේ ජිවත්වීමේ අයිතිය අහිමි කර, වත්මන් පාලනය තුළ නිරුවත් කර පහරදීමට ලක් කරන බවත් අද (23) සෝලිස් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කළේය.

තිස්සගේ ලියවිල්ල ව්‍යාජ ලියවිල්ලක්

– විපක්‍ෂ නායක පොලිස්පතිගෙන් විධිමත් පරීක්‍ෂණයක් ඉල්ලයි වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන තිස්ස අත්තනායක මහතා මාධ්‍ය තුළින් රාජ්‍ය අංශය සඳහා සේවකයින් බඳවා ගැනීම වහාම අත්හිටුවනවා යැයි, රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් සහිතව ඉදිරිපත් කළ ගිවිසුම ව්‍යාජ ව සකස්කරන ලද්දක් බවත්, එය තරයේ හෙළා දකිමින් ඊට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව අද (23) පැවති Read More

යුද ජයග‍්‍රහණය මහින්ද රාජපක්‍ෂගේ තනි වැඩපිළිවෙළක් නොවේ

අද ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බිහිකළ ආණ්ඩුව තුළ කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) මහරගම පැවති ජනරැළිය අමතමින් ප‍්‍රකාශ කළේය.

තරුණ කැරැල්ලක් ඇති වීම වැළැක්වීමට මෛත‍්‍රීපාල ජනාධිපති කළ යුතුයි

– නැගෙනහිර පළාත්, සභා නායක ප‍්‍රියන්ත පතිරණ වත්මන් ජනාධිපතිට නැවත බලය ලබා දුන හොත් තරුණ කැරැල්ලක් ඇති විය හැකි බව නැගෙනහිර පළාත් සභා සභා නායක ප‍්‍රියන්ත පතිරණ මහතා පවසයි.

Some artistes are hypocrites Says Rohana Weerasinghe

Some artistes have made statements condemning the victory over terrorism and the leadership of President Mahinda Rajapaksa. They are the same individuals who received a number of privileges from President Rajapaksa. We condemn the hypocrisy of these people, veteran artiste and music composer Rohana Weerasinghe said.

ජනවාරි 8 වනදායින් පසු ස්වාධීනව කටයුතු කර හැකිය – පොදු අපේක්‍ෂක හොරණ දී

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ තමන් පවතින දූෂිත ආණ්ඩුවෙන් පිටතට පැමිණියේ කිසිඳු ගිවිසුමකට අත්සන් නොතබා බවත්, එය විශ්වාසය මත පමණක් පදනම් වූ ජනතා හිතවාදී ලෙස සිදුවුවක් බවත්, පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ සවස (22) හොරණ  ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ප‍්‍රකාශ කළේය.

අලි, කොටි, නරි, ගෙඹි හවුලකට ජාතියේ ඉදිරි ගමන නතර කිරීමට ඉඩ දිය නොහැකියි – විමල් වීරවංශ

මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ කොටි හිතවාදී ඡන්ද මත සමස්ත ජාතියේම ඉරණම තීන්දු කිරීමට දකුණේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියළු ජනතාව සූදානම් නැති බව මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විරුද්ධ පක්ෂයේ පොදු අවුල් හවුල මතක තබා ගත යුතු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ වෘත්තිය ගරුත්වය සුරකින බවට මෛත‍්‍රී ප‍්‍රතිපත්තිය ප‍්‍රතිඥා දෙයි

රාජ්‍ය සේවකයන් සඳහා සහන රැසක් ලබාදීමට පියවර ගන්නා බවට පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ප‍්‍රතිඥා දෙයි. ඒ අනුව රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කෙරේ. පළමු අදියරේදී රුපියල් 5,000ක් පෙබරවාරි මාසයේ සිට ලබාදීම සැලසුමයි. රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය සහ කාර්යාල සේවයේ තෘප්තිය සහ ඵලදායිත්වය වර්ධනයට ද ක‍්‍රියාමාර්ග ගැනේ. Read More

t

o

p