යුද ජයග‍්‍රහණය මහින්ද රාජපක්‍ෂගේ තනි වැඩපිළිවෙළක් නොවේ

December 23, 2014

maitree meeting 22.12

අද ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බිහිකළ ආණ්ඩුව තුළ කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) මහරගම පැවති ජනරැළිය අමතමින් ප‍්‍රකාශ කළේය.

‘‘මේ වනවිට හත් දෙනෙකු පමණක්  වත්මන් ආණ්ඩුවෙන් එළියට ආවත්, අද ඒ වටා විශාල ජනතාවක් එකතු වෙලා ඉන්නවා. අද පාර්ලිමේන්තුව කියන්නේ අකර්මන්‍ය වූ තැනක්. ඇමති මණ්ඩලයට අද බලයක් නැහැ. අධිකරණයේ ස්වාධීන මත බිඳ දමලා ඉවරයි. ජෙනරාල් සරත් ෆොන්සේකා ජ්‍යෙෂ්ඨ රණවිරුවෙකු ලෙස යුද ජයග‍්‍රණය ලැබූ පසු රටේ පරිවර්තනය වෙනස් වුනා. පොලිසියේ, සදාචාරය හා නීතිය යටපත් වුණා. ඒ නිසා මුළු රටම අරාජික වුණා.”

මෙහිදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියන් : ‘‘අද මුළු රටම ණය කාරයන් බවට පත් වෙලා. අපි සුරක්ෂිත වෙන්න නම් ආර්ථිකමය හා අධ්‍යාත්මය වශයෙන් සුරක්ෂිත විය යුතයි. එහෙත් වර්ථමාන ආණ්ඩුව තුළ අපිට ඒ සුරක්ෂිත බව ලැබී නැහැ. රක්තහීනතාවයෙන් 26%ක් වෙද්දී කුරු වීම හා මිටි වීම 35%ක්, සුරක්ෂිත අනාගතය මෙයද ? වැඩ කරන සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය වාතාවරණයක් අද රට තුළ නැහැ. ත‍්‍රස්තවාදය පරාජය කළා කියල පමණක් මහින්ද රාජපක්ෂ මහතා උදම් අනනවා. ඒ ඔහුගේ තනි වැඩපිළිවෙලක් නෙමෙයි. කිසිම අවස්ථාවක යුද්ධයෙන් විසඳුම් හොයනවා කියල ඔහු තීරණය කරලා තිබ්බෙත් නැහැ. බලයෙන් පසු ජිනීවා ගොස් ඔහු ත‍්‍රස්තවාදීන් සමග සාකච්ඡා පැවත්වුවා. හෙළ උරුමය මැදිහත්ව ජාතික වැඩපිළිවෙළක් ආණ්ඩුවට ඉදිරිපත් කළා. විධායක ජනාධිපති ක‍්‍රමය මේ රටට ගැළපෙන ක‍්‍රමයක් නෙමෙයි.”

කාම අපරාධ මේ පාලන කාලය තුළ තරම් ව්‍යාප්ත වූ කාලයක් තවත් නැහැ. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, සභාපතිවරු කාම අපරාධ සිදු කළත් ඔවුන්ට නීතිය ක‍්‍රියාත්මක වන අයුරු වෙනස්.

මෙම අවස්ථාවට සම්බනධ වූ ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලි චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේ: ‘‘අද වන විට කැසිනෝ හල් 5ක් තිබෙනවා. 2005 එය කල්පිටිය දූපත් කරා ගෙනයන්න යෝජනාවක් ආවත් එය එසේ ක‍්‍රියත්මක උනේ නෑ. 2012 ජනවාරි 1 දා කැසිනෝ හල් එක්තැනකට ගෙනියන්න පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිට බලය ලබා දුන්නා. දේශපාලන වශයෙන් මිනිසුන් පාගන්න යොදාගන්නේ කැසිනෝ මුදල්. අද පාර්ලිමේන්තුවට වඩා කැසිනෝ මාෆියාව බලවත් වෙලා. පුත්තලම බලාගාරයට ටෙන්ඩර් පත‍්‍රයකින් තොරව ගල් අඟුරු ගෙන යන්නෙත්, ඒ කැසිනෝ හලක හිමි කාරයෙක්. මේ මාෆියාව නිසා විදුලි බිල් ගෙවන සෑම දෙනාම ඔහුට කොටසක් ගෙවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විස කෘෂි රසායන 6ක් තහනම් කරත් එය අපේ රටේ එසේ සිදු වුනේ නෑ. වකුගඩු රෝගය නිසා රජරට ශිෂ්ටාචාරය ඇද වැටෙමින් පවතිනවා.

ගෝඨාභය මහතා සුපිරි වෙළෙඳ සැල් හදන්නේ සාමාන්‍ය ජනතාව ගේ කිරිපිටි කිලෝ එකෙන් ගන්න රුපියල් 138/-, සීනි කිලෝ එකෙන් ගන්න රුපියල් 28/-, පරිප්පු රුපියල් 18/- වැනි බදු මුදල් වලින්. නමුත් අද ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් එකට සාමාන්‍ය මිනිහෙකුට යන්න බැහැ. කොත්තමල්ලිවලට පවා අද බදු ගහලා තියෙනවා.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p