මහින්දගේ නැති බහුතරය පෙන්වීමට ලංකාදීප හා දේශය පුවත්පත් අසාර්ථක උත්සාහයක

විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදිප පුවත්පත දේශය පුවත් පත හොර අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ බහුතරය නැති බවට ජනතාව ඉදිරියේ තහවුරු වි ඇති මොහොතේ ඔහුට බලය ඇතැයි පෙන්විමට අසාර්තක උත්සාහයක නිරත වෙමින් සිටියි. අද (04) පලවු දේශය හා ඉරිදා ලංකාදිප පුවත් පත්වල ප්‍රධාන සිරස්තලයන්ගෙන් එය පැහැදිලිවේ.  රවුෆ් හකිම් හා රිෂාඩ් බදියුදින් තවමත් වැට උඩ යනුවෙන් ඔවුන් Read More

වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ තානාපති කාර්යාලයක් නැහැ

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ තානාපති කාර්යාලයක් සිටින බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නැතැයි, එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (31) පැවසීය. විදේශ රටවල තානාපති කාර්යාල මෙරට දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ යයි තොරතුරු පැතිරෙන්නේ ගොසිප් වෙබ් අඩවි, ඇතැම් සමාජ මාධ්‍යජාලා සහ කට කථා මගින් පමණකැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ Read More

අගමැති වෙනස ගැන මතයක් ප්‍රකාශ කරන්න බැහැ – නීතිපති

අග්‍රාමාත්‍ය ධූරයේ සහ රජයේ ඇතිවූ වෙනසෙහි නීත්‍යානුකූල භාවය පිළිබඳ විමසු කතානායකට නීතිපති ජයන්ත ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඊට ප්‍රතිචාර වශයෙන් ඊයේ (30) කතානායක වෙත නීතිපති විසින් දන්වා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපති භූමිකාවට අනුව එම කරුණ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව තම අදහස බවයි. නීතිපති විසින් කතානායක වෙත එවන ලද Read More

රුපියල තවත් බාල්දුවෙයි ; ඩොලරය 176 පනී

ඇමරිකාඩු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල ඉතිහාසයේ මුල් වරට අද දිනයේ රුපියල් 176 ඉක්මවා ගියේය. මහ බැංකු සටන අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 172.36ක් හා විකිනුම් මිල රුපියල් 176.25ක් විය.

රනිල් තමයි තවමත් නීත්‍යානුකූල අගමැති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානූකූල අගමැති වශයෙන් පිළිගන්නා බව 30 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර තිබේ. ඒ බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදීය. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මෑතක දී සිදු කළ ක්‍රියාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට Read More

ජනපති අද ජනවරම පාවා දෙමින් ව්‍යවස්ථා විරෝධී ලෙස ක්‍රියා කරනවා

කොල්ලූපිටිය මංසන්දියේ පැවති “යුක්තියේ ජනහඬ” මහජන උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරවල සියලූ ජනතාවගෙන් අවසරයි, ජනතාවගේ විශ්වාසය, ජනතාවගේ වරම පාවාදීම ඉතා කැත වැඩක් බව කිව යුතුයි. ඒ කැත වැඩේ කරන්න අප ඉඩ දෙන්නේ නැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. මෙම වේදිකාවේ විවිධ මත දරන විවිධ ජාති සහ ආගම්වලට Read More

ජනහඬ උද්ඝෝෂණය රැව්පිලි රැව්දෙයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීමට එරෙහිව කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසලදී පැවති (30) එක්සත් ජාතික පක්ෂයේ ජන හඬ උද්ඝෝෂණය විශාල පාක්ෂික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අයුරු.

බහුතරය පෙන්වීමට එන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තම අමාත්‍යධූර දෙන්න එජාපයෙන් එකඟතාවක්

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විම සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන්ගේ අමාත්‍යධූර කැප කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් එකඟත්වය පළ කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විමෙන් පසුව යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පිහිටුවිමට කටයුතු කරන බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි පක්ෂ Read More

වහා පාර්ලිමේන්තුව කැඳවන්න කතානායක ජනාධිපතිට ලිපියකින් දන්වයි

වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125 ක පමණ පිරිසක් තමනට ලිඛිතව ඉල්ලීම් කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් ලියමින් දන්වා ඇත. එම ලිපිය මගින් ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව වහා කැඳවා ස්ථාවර භාවය ඇති කරන ලෙසයි. සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

කතානායක ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ රට තුළ දැනට උද්ගතව ඇති දේශපාලනමය අර්බුදකාරී තත්ත්නය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස ලැබී ඇති ඉල්ලීමක් පිළිබඳවයි.

t

o

p