ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා අවධානය

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් Read More

මුදල් ඩිජිටල්කරණය සඳහා වූ ක්‍රියාවලිය අධ්‍යයනය කොට වාර්තාවක් ලබා දෙන්නැයි මහ බැංකුවට උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුව “Lanka Pay” පද්ධතියේ සිට Central Bank Digital Currencies (CBDCs) දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන බවත්, මේ වසර අවසානයේ එහි අවසාන අදියරයට පැමිණෙන බවත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මූල්‍ය වෙළෙඳපොළ සඳහා විද්‍යුත් මුදල් ක්‍රමයක් හඳුන්වා දීම හා බ්ලොක්චේන් තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා Read More

118 අංකයට බොරු තොරතුරු දෙන අයට වැඩ වරදී

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 118 දුරකතන අංකයට ලබාගන්නා තොරතුරු පුළුල් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි. ඒ අනුව ජාතික ආරක්ෂාවට සෘජුවම හෝ වක්‍ර ආකාරයෙන් තර්ජනයක් විය හැකි ත්‍රස්තවාදි හා අන්තවාදි ක්‍රියාකාරකම්ද මෙම අංකයට ලබාදීමට හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. එම පැමිණිලි වෙනම කණ්ඩායමක් යටතේ අධීක්ෂණය කෙරෙන බවද Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජනවාරි 23 සහ 24

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජනවාරි 23 සහ 24 දින පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. එසේම 2024 ජනවාරි දෙවන පාර්ලිමේන්තු සතියට අදාළව පාර්ලිමේන්තු රැස්වීම් ජනවාරි 23 අඟහරුවාදා සහ ජනවාරි 24 බදාදා පමණක් පැවැත්වීමටත් මෙහිදී Read More

මූල්‍ය බංකලොත්භාවයක් ප්‍රකාශ නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් පවසයි

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කැඳවා තිබුණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතිඥ) සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් එම විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී කරුණු දක්වමින් Read More

ජනපති ස්විස්ටර්ලන්තයට

දින 12ක සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් පිට ව ගොස් තිබේ. ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) දිවයිනෙන් පිට ව ගිය බව සඳහන්ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන පිළිබදව අවධානය

දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන සම්බන්ධයෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නීතිපතිතුමාගේ සහභාගීත්වයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පසුගියදා (09) පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම රැස්වීම පැවැත්වූ අතර පසුගිය දෙසැම්බර් 13 වැනිදා Read More

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත 3 වැනි වරටත් නැවත සලකා බැලීමට සිදුවීම පිළිබඳ අප්‍රසාදයක්

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ 52(5) වගන්තිය සමඟ කියවා ඇති 71 වගන්තිය යටතේ රෙගුලාසි නැවත සලකා බලන ලදී. කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පැවති රඡයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙය නැවත සලකා බලනු ලැබීය. පෙර පැවති Read More

ආදී වාසීන් ගැටලුවලට විසඳුම් දෙන්න නව පනත් කෙටුම්පතක්

ආදී වාසීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා නව රෙගුලාසි සහ පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු ලබන 23වැනිදා වන විට අවසන් කරන ලෙස,අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ වනජීවී හා ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා නීති සකස් කිරීමේ කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.

ලංකා හෙද සංගමය සහ සුව ඇමති අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනට අද (12) පෙරවරුවේ අවසන් කිරීමට තීරණය කර තිබේ. රජය විසින් රුපියල් 35,000ක දීමනාවක් වෛද්‍යවරුන්ට ලබාදීමට ගත් තීරණයත් සමඟ, එම දීමනාව තමන් වෙත ද ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට පසුගිය අඟහරුවාදා අවතීර්ණ විය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර Read More

t

o

p