රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ 52(5) වගන්තිය සමඟ කියවා ඇති 71 වගන්තිය යටතේ රෙගුලාසි නැවත සලකා බලන ලදී. කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පැවති රඡයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙය නැවත සලකා බලනු ලැබීය.
පෙර පැවති කාරක සභා රැස්වීමකදී තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණ සඳහා වරාය නගර කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තීරුබදු රහිත රීතිවල නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කිරීමේදී කමිටුව විසින් නීතිපතිවරයාගේ මතය විමසන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳපල විකෘති කිරීමට සහ වෙළඳපල අහිමි වීමේ ඉඩ ඇති ප්‍රතිපත්තිමය වශයෙන් නොගැලපීමක් ඉස්මතු කරමින් එවැනි නීති රීති ස්ථාපිත කිරීමට කොමිසමට බලයක් නොමැති බව අනාවරණය විය.
ඒ අනුව කාරක සභාව හමුවේ පෙනී සිට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් වරද පිළිගෙන මෙම සතිය අවසන් වන විට නීති ඉවත් කරන බවට සහතික විය. කෙසේ වෙතත්, වරාය නගර කොමිෂන් සභාව මෙම නීතිරීති මත පදනම්ව ආයෝජකයින් හතර දෙනෙකු සමඟ ගිවිසුම්වලට එළැඹී ඇති බැවින් මෙම වැරදි තීරණවලට වගකිව යුතු පුද්ගලයා පිළිබඳව කමිටුව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින ලදී.කෙසේ වෙතත් කිසිදු නිලධාරියකු වගකීම භාර ගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පලවිය.
විනිවිද භාවයක් සහ වගවීම නොමැතිකම ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින්, සඳහන් කරන ලද රෙගුලාසි පිළිබඳ පූර්ණ ලෙස නැවත සලකා බැලීමක් අවශ්‍ය බව කමිටුවේ අදහස විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වගකිවයුතු පාර්ශ්වය හඳුනාගෙන අනාගතයේදී එවැනි වැරදි සිදු නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගෙනහැර දක්වන ලෙස කමිටුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට නියෝග කළේය. අනාගත ආයෝජන වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට මෙලස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාවේ අදහස විය.
තවද, 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) 24 වැනි වගන්තියට අනුව, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයද සලකා බලන ලදී. මෙම ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවක් දක්වා ඇත, ආයෝජන මණ්ඩලය නොවන හෝ 16 වන වගන්තිය ආයෝජන මණ්ඩලයේ සමාගම්වලට විශේෂිත අංශ සහ නිර්ණායක සඳහා නිදහස් කිරීම් සහිතව 17 වන වගන්තියේ අනුමැතිය ලබා ගැනීමට දෙනු ලැබේ.එවැනි සංශෝධන මගින් සෘජු විදේශ ආයෝජන කඩිනම් කිරීම, විදේශීය සමාගම් සහ දැනට පවතින ආයෝජන මණ්ඩලයේ ආයතන අතර සහයෝගීතාවයට පහසුකම් සැලසෙන අතර, රේගු බදු නිදහස් කිරීම්වලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට හැකි බව කාරක සභාවේ අදහස විය.
සියලු කරුණු විමසීමෙන් පසුව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉහත සඳහන් රෙගුලාසිය අනුමත කරන ලදී. යෝජිත සංශෝධන මගින් 17 වැනි වගන්තිය සඳහා ලියාපදිංචි වන සමාගම් සඳහා ස්ථාවර සීමාවන් පවත්වා ගෙන යන බැවින්, හඳුන්වා දී ඇති විෂමතා නොමැති බව සහතික කිරීම හේතුවෙන් මෙම තීරණය කාරක සභාව විසින් ගනු ලැබීය.
තවද, මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන විදේශීය සහ දේශීය යන දෙඅංශයෙන්ම සාධාරණ වැට් බද්දක් සහතික කිරීම සඳහා යෝජිත උපාය මාර්ගය පිළිබඳව කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා විය. කාරක සභාව තුළ පෙර සාකච්ඡා කළ පරිදි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) දේශීය හා විදේශීය මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන් සඳහා වැට් බද්ද පැනවීමට එකඟ වන්නේ කිසියම් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අධිකරණ බලයට වඩා පාරිභෝගිකයාගේ අධිකරණ බලය මත පදනම්ව බව මෙහිදී අනාවරණය විය.
කෙසේ වෙතත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙහිදී විදේශීය සැපයුම්කරුවන් මත වැට් බද්ද ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ පරිපාලනමය වශයෙන් මතුවන අභියෝග පැහැදිලි කළේය. මෙම අභියෝග මධ්‍යයේ වුවද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත මෙම පරිපාලන ගැටලු විසඳීම සඳහා පුළුල් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස සහ සතියක් ඇතුළත නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළේය.