සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනට අද (12) පෙරවරුවේ අවසන් කිරීමට තීරණය කර තිබේ.
රජය විසින් රුපියල් 35,000ක දීමනාවක් වෛද්‍යවරුන්ට ලබාදීමට ගත් තීරණයත් සමඟ, එම දීමනාව තමන් වෙත ද ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට පසුගිය අඟහරුවාදා අවතීර්ණ විය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද (12) සිදුකිරීමට නියමිතව තිබේ.
මෙහිදී පවතින තත්ත්වය සහ යෝජනා ඇතුළත් ලිපියක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කළේ.