මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජනවාරි 23 සහ 24 දින පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
එසේම 2024 ජනවාරි දෙවන පාර්ලිමේන්තු සතියට අදාළව පාර්ලිමේන්තු රැස්වීම් ජනවාරි 23 අඟහරුවාදා සහ ජනවාරි 24 බදාදා පමණක් පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. ජනවාරි 25 බ්‍රහස්පතින්දා පොහොය නිවාඩුව යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව ජනවාරි 23 අහරුවාදා පෙ.ව 9.30 ට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ආරම්භකිරීමට නියමිත අතර එය ප.ව 5.00 දක්වා පැවැත්වේ.
අනතුරුව අධිකරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනෙන ලද ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එසේම පෞද්ගලික සංස්ථාගත කිරීමේ මන්ත්‍රී පනත් කෙටුම්පත් වන හදට හද භාරකාර අරමුදල, ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය, ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය, සමාධි ප්‍රජා සංවර්ධන පදනම සහ දස්සනා බෞද්ධ සංවිධානය සලකා බැලීම සිදුවන බවත්, දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව, සවීර පදනම සහ පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම යන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් දෙවන වර කියවීම සහ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමටත් නියමිතය.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.
ජනවාරි 24 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.
අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය.
එසේම එදින ප.ව 5.00ට පමණ ශ්‍රී ලංකා ආයෝජන පනත යටතේ අංක 2334/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝග, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ අංක 2356/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ අංක 2363/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය විවාදයකින් තොරව අනුමත කිරීමට ද මෙහිදී එකඟක්වය පළවී ඇත.
අනතුරුව, පාර්ලිමේන්තුවේ වසර 40කට ආසන්න කාලයක් රාජකාරි සිදු කොට විශ්‍රාම ගැනීමට නියමිත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් පැයක කාලයක් වෙන්කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.