පූනම් පාණ්ඩේ ජීවතුන් අතර

ගැබ්ගෙල පිළිකාවකින් මිය ගිය බව කියූ බොලිවුඩ් රංගන ශිල්පිණියක් සහ නිරූපිකාවක් වූ පූනම් පාණ්ඩේ මියගොස් නොමැති බව වාර්තා වෙයි. පූනම් පාණ්ඩේ සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පණිවුඩයක් එක්කරමින් අද (03) සඳහන් කළේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් තමා මියගොස් නොමැති බවයි. ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ තමන් මිය නොගිය බවට මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ, ඇය මියගිය බවට ඇයගේ Read More

තායිලන්ත අගමැති දිවයිනට

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ. අද (03) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ඔහු දිවයිනට පැමිණ ඇත. දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ. හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක් වීමට නියමිතයි.

අද(03) සහ හෙට(04) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

76වන නිදහස් සැමරුම් උත්සවය සඳහා ගාලුමුවදොර ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරවන බව අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ඊයේ (02)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය. අද(03) දින ප.ව. 2.00 සිට උත්සවය අවසන් වනතෙක් ප්‍රධාන මාර්ගය හරහා හෝ Read More

මාතර කලා උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණි. ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල අද සිට පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී Read More

අපනයන ව්‍යාපාරය පුළුල් කිරීමට ජාත්‍යන්තර සහාය

දරිද්‍රතාවය අවම කිරීම, ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ස්වභාවික සම්පත් වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටින ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම සිය නිෂ්පාදන හවුල්කාරිත්වයේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් මේ වසරේ ශ්‍රී ලංකාව තුළ නව වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ Read More

පාන් ගෙඩියට නියමිත බරක් නියම කෙරේ

පාන් ගෙඩියක් සහ පාන් භාගයක් සඳහා නියමිත බරක් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්. එම නිවේදනයට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකියි. එමෙන්ම පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් විය යුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතු Read More

අයිසීසී මහා සභා රැස්වීම ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම වසරේ ජූලි 19 සිට 22 වන දා දක්වා ICC මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වෙනු ඇති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත. මෙය ක්‍රිකට් සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට Read More

මේ මාසය රාගාධික සිතුවිලි දැනෙන මාසයක්

එළඹුණු පෙබරවාරි මාසයේ ඔබේ කලදසාව කොයි ආකාරයෙන් ගෙවෙයිද කියලා කලින්ම දැනගන්න ඔබ නොඉවසිල්ලෙන් ඉන්න බව අපි දන්නවා. සමස්තයක් ලෙස සියලුම ලග්න හිමියන්ට මේ මාසය රාගාධික සිතුවිලි දැනෙන මාසයක්. ඒ නිසා හැඟීම් පාලනය කරගනිමින්, බුද්ධිමත් අයුරින් බැඳීම් ඇති කරගැනීමට කල්පනාකාරී වන්න. එක් – එක් ලග්නයට අදාළව පෙරවාරි මාසයේ අනාවැකි මෙන්න :- මේෂ :- පෙබරවාරි මාසය මේෂ Read More

SLIBA එහි 36 වන වාර්ෂික සම්මේලනය අභිමානවත්ව සමරයි

ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් රැසක් බිහි කළ SLIBA එහි 36 වන වාර්ෂික සම්මේලනය අභිමානවත්ව සනිටුහන් කළ වගයි. Sri Lanka Insurance Brokers Association (SLIBA) එහි 36වන වාර්ෂික සමුළුව කොළඹ 03 Ramada Wyndham හිදී පසුගිය දා පවත්වන ලදී. රක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීමයභාවය ඉහළ නංවන නව යුගයක් වෙනුවෙන් SLIBA නව කමිටුව, සභාවේ ඒකමතික ඡන්දයෙන් තෝරාගත් කරගනු ලැබීය.ප්‍රිතා ප්‍රනාන්දු – සභාපති, චතුර සියසේන Read More

උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු අරඹයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තර පත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බව දැනුම් දෙයි. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවලංගු කළ කෘෂිවිද්‍යාව Read More

t

o

p