උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු අරඹයි

February 1, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තර පත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බව දැනුම් දෙයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවලංගු කළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය අද (01) සිසුන් වෙත ලබාදුන් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරනු ලැබිණි.

t

o

p