මේ මාසය රාගාධික සිතුවිලි දැනෙන මාසයක්

February 2, 2024

එළඹුණු පෙබරවාරි මාසයේ ඔබේ කලදසාව කොයි ආකාරයෙන් ගෙවෙයිද කියලා කලින්ම දැනගන්න ඔබ නොඉවසිල්ලෙන් ඉන්න බව අපි දන්නවා. සමස්තයක් ලෙස සියලුම ලග්න හිමියන්ට මේ මාසය රාගාධික සිතුවිලි දැනෙන මාසයක්. ඒ නිසා හැඟීම් පාලනය කරගනිමින්, බුද්ධිමත් අයුරින් බැඳීම් ඇති කරගැනීමට කල්පනාකාරී වන්න. එක් – එක් ලග්නයට අදාළව පෙරවාරි මාසයේ අනාවැකි මෙන්න :-

මේෂ :- පෙබරවාරි මාසය මේෂ ලග්න හිමියන්ට වාසිදායක කාලයක්. ධන වාසනා, ලොතරැයි වාසනා, ඉඩකඩම් ලැබීමේ වාසනාවන් හිමි වන කාලයක් ලෙස හැඳින්විය හැකියි. සමස්තයක් ලෙස පෙබරවාරි මාසය මේෂ ලග්න හිමියන්ට ඉතා සුබයි.

වෘෂභ :- වෘෂභ ලග්න හිමියන්ට මුදල් ලැබෙන ඉඩකඩ මීට පෙර ඇහිරී තිබුණා. නමුත්, මේ මාසයේ සිට එම අවහිරතාව මගහැරෙනවා. ලොතරැයියක් මිලදී ගත්ත ද කෝටියක ජය මල්ලක් වුව ද හිමිවීමට තරම් මේ මාසයේ ඔබේ වාසනාව ප්‍රබලයි.

මිථුන :- ගනුදෙනු සාර්ථක වන මාසයක්. වාහන විකිණීමට සහ මිලදී ගැනීමට, ඉඩකඩම් වාහන විකිණීමට සහ මිලදී ගැනීමට සුබයි. සමස්තයක් ලෙස පෙබරවාරි මාසය මිථුන ලග්න හිමියන්ට සුබයි.

කටක :- මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතුයි. රැකියා, ව්‍යාපාර සාර්ථක කරගත හැකියි. ආකල්පමය වෙනස්කම් ඇති වනවා. අලුතින් ආදර සබඳතා ආරම්භ නොකර සිටිනවා නම් හොඳයි.

සිංහ :- මුල් සති 02 බාධක ආවත්, මාසයේ මැද භාගයෙන් පසු වෘත්තිමය ජීවිතය තුළ ප්‍රබල සාර්ථකත්වයක් හිමි වනවා. නොගැලපෙන අනියම් සබඳතාවලට පෙළඹීමට සිතිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

කන්‍යා :- ලැබීමට තිබූ දේපළ, ඉඩකඩම්, යාන – වාහන ඔබට එයාකාරයෙන්ම ලැබීමට ඉඩ තිබෙනවා. බලාපොරොත්තු ඉටු වන මාසයක්. සමස්තයක් ලෙස මේ මාසය ඔබට සුබයි.

තුලා :- කාලයක් තිස්සේ මගහැරෙමින් තිබූ බලාපොරොත්තුවක් ඉටු කරගැනීමට අවස්ථාව උදා වෙනවා. ආකර්ෂණිය භාවය වැඩි වෙනවා. එමගින් වෘත්තීමය වාසි අත්වනවා. විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය අතිශය ඉහළ යනවා. පෙම් ඇරයුම් ලැබීමට ඉඩ ඇත.

වෘශ්චික :- ඔබේ පරිණතභාවය ඉහළ යනවා. වෘත්තිය තුළ විශාල පෙරළියක් ඇති වනවා. සිත් රිදවීම් ඇති වීමට ඉඩ ඇත. බැඳීම් තුළ බුද්ධිමත්ව කටයුතු කරන්න.

ධනු :- අනවශ්‍ය දේට වියදම් කරනවා. ඔබට නොගැලපෙන, කවදාවත් නොකරපු වැරදි කරන්නට පෙළඹෙනවා. රාගාධික සිතුවිලි වැඩියි. සිත පාලනය කරගැනීමට උත්සාහ කරන්න.

මකර :- ඔබට අවශ්‍යතාවයට සරිලන ලෙස මුදල් හිමිවනවා. සුබ – අසුබ මිශ්‍ර මාසයක්. විවාහය වැනි තීන්දු ගැනීමේදී කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍යය සහ රූප ස්වභාවය ගැන සැලකිලිමත් වන කාලයක්.

කුම්භ :- කාල කළමනාකරණය ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. මිල මුදල් නිකරුණේ වියදම් වෙනවා. අවධානය යොමු කර කටයුතු කිරීමෙන් ව්‍යාපාරය තුළ පැහැදිලි ලාභයක් ලබාගත හැකියි. අනියම් සබඳතාවලට පෙළඹීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න.

මීන :- මුදල් හුවමාරුවේදී පාඩු ලැබීමට ඉඩ ඇත. එබැවින් ගනුදෙනුවලදී ප්‍රවේශම් වන්න. මිශ්‍ර ඵල සහිත මාසයක්.

t

o

p