ගහක් කොලක් නැති හෙටක් – වනජීවි වන සංරක්ෂණ ඉඩම් සමාගම් අතට

දෙදහස් පනහ වන තෙක් දියත් කිරමින් යන ජාතික භෞතික සැලසුමට අවශ්‍ය ඉඩම් ලබාගැනීම සදහාත් MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම උදෙසා ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙනුත් රජයේ අවශේෂ කැළෑ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/ 2001 චක්‍රලේකය පසෙක තබා බහුජාතික සමාගම් හා ව්‍යාපාරිකයන් වෙත ඉඩම් ලබාදීම සදහා රජය මේ වන විට කටයුතු කරමින් ඇත. ඒ සදහා සියලුම ප්‍රදේශීය හා Read More

අධිකරණය හමුවේ දැක්විය යුතු කරුණු පාර්ලිමේන්තුවේදි නොකියන ලෙස කතානායක සජිත්ට කියයි

‍මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ප්‍රේමලාල් ජයසේකර මහතාට , අයිතිවාසිකම් නොමැති බව හුවා දක්වමින් විපක්ෂනායක ඇතුළු කණ්ඩායම සිදුකළ කරුණු දැක්වීම් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දිවරුම් දුන් මොහොතේ සිටම ඒ මහතා අවමානයට අපහාසයට ලක්කරමින් විපක්ෂය උත්සාහ දරන්නේ ඒ මහතාගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීම බවද Read More

පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා දැමීමේ තීන්තදුව දීර්ඝ කෙරේ

පාර්ලිමේන්තු මහජන ගැලරිය තවදුරටත් තාවකාලිකව වසා දැමීමට ගත් තීන්දුව තවදුරටත් පවත්වාගැනීමටත්, පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අමුත්තන් සීමා කිරිමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) ප්‍රකාශ කළේය. දැනට පවතින සෞඛ්‍ය නිර්ණායක අනුව තාවකාලික පියවරයක් ලෙස මහජන ගැලරිය මෙලෙස තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව කතානායකවරයා සඳහන් කළේය. Read More

තවත් අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.   කිරිබත්ගොඩ පොලීසිය කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නැමැත්තා අලුත්කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත

මහජන දිනය සදුඳා ලෙස නම් කිරීමට අනුමැතිය

රාජ්‍ය ආයතන වලින් සිය සේවා ඉටු කර ගැනීම සඳහා වෙන් කර තිබූ මහජන දිනය සදුඳා දිනයට යෙදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මීට පෙර රාජ්‍ය ආයතන මගින් සේවා ලබා ගැනීමේ මහජන දිනය ලෙස බදාදා දිනය වෙන් කර තිබුණි. මහජනතාවගේම පහසුව සඳහා සදුඳා දිනය වෙන් කීරීමට තීරණය කර ඇත.

පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමයට වැව් 5000ක් ප්‍රතිසංස්කරණය යයි

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය කර ගැනේ. ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග Read More

ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ තීරණය මසකින් කල් යයි

ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ තීරණය මසකින් කල් දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා. ගව ඝාතනය තහනම් කිරිම සම්බන්ධයෙන් වෙනත් පාර්ශව සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා ගව ඝාතන තහනම් කිරිම මසකින් කල් දමා ඇති බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.

දෙවියන් උදෙසා ලිංගික පුද කෙළි!

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු මාතෘකාවක් බව පොදු පිළිගැනීම ය.නමුදු යමකු තුළ කෝපය,ද්වේෂය වැනි අයහපත් ආවේග ඉස්මතු වන විට ලිංගිකත්වය මුල් කරගත් වදන් ඉබේම කියැවෙයි.ඒවා අතරේ ස්ත්‍රී,පුරුෂ ලිංගේන්ද්‍රියන් සඳහා යෙදෙන නම් ප්‍රමුඛ වෙයි. ඊට හේතුව එවැනි ප්‍රසිද්ධියේ කිව නොහැකි ලිංගික කරුණු ‍යමකු හෝ යම් පිරිසක් එල්ල කොට පැවසීමෙන් ඔවුන් නින්දා අවමානයකට පත් කළ Read More

ලංකාවේ ගව ඝාතනය තහනම් වෙයි

ශ්‍රි ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා. ඊයේ (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අගමැතිවරයා කටයුතු කොට තිබුණා. ඒ් අනුව අගමැතිවරයා දැනුම් දී ඇත්තේ මෙරට ගවයන් ඝාතනය නොකර අවශ්‍ය නම් ගවමස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

කලගෙඩිහේන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරලේ

කොළඹ-නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. ඒ කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගය හරහා කන්ටේනර් රථයක් පෙරලි යාම හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කළේ. පෙරලි ඇති කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බැවින් කොළඹ දෙසට පැමිණෙන වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ට දැනුම් දෙයි.

t

o

p