මත්වතුර කාලේ බෝතලේට තැන්පත් මුදලක්

මත්වතුර අලෙවිසැල් මගින් කාලේ බෝතල් අලෙවි කිරීමේදී තැන්පත් මුදලක් ලබා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය තීරණයකට එළඹී තිබෙනවා. ඒ, එම බෝතල් අවිධිමත් ලෙස බැහැර කිරීමෙන් සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණෙන්. ඒ, සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් සඳහා ස්කාගාර සංස්ථාව හා සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයන් සහභාගි වී තිබෙනවා. Read More

බෝගම්බර ගම්මානය හුදකලා කෙරේ

කෝවිඩ්-19 වයිරසය ආසාදිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවීම නිසා එම ගම්මානය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ කොවිඩ් කමිටු මර්දන කමිටුවේදි මෙම තීරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවසුවා. බෝගම්බර ගම්මානයෙන් කෝවිඩ් ආසාදිතයින් 12දෙනාගේ ආශ්‍රිතයින් ඇතුලු 50 දෙනෙකු පමණ ඊයේ දිනයේ පී. සී. ආර් Read More

තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර 2019 ජූනි මස 19 දින අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමට අනුව ක්ෂේත්‍ර 14ක විශේෂ නිපුනතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා සඳහා දොරටු විවෘත විය.   මෙම සහයෝගීතා ගිවිසුම ප්‍රකාරව දැනටමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ (www.slbfe.lk) අයදුම්පත් කැඳවා තරුණ තරුණියන් විශාල Read More

බුරවි නිසා තවදුරටත් වැසි

මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවම පවතින අතර මන්නාරමට කි.මී. 145 ක් බටහිර දෙසින් ස්ථානගතව පැවතුන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.     උතුරු, Read More

පාම් ඔයිල් සමාගම් දෙකක් නිසා ‍රේගුවට මිලියන 6130 ක් අහිමි වෙයි.

2013-2016 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය  ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල පරිච්ඡේදය තුළ   නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක ( HS Code ) යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන්  මෙම Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකට කෙළ ගැසූ රෝගියා 17 දක්වා රිමාන්ඩ්

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගියෙකු රෝහල වෙත රැගෙන ඒමට ගිය සෞඛ්‍ය කණ්ඩායමේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසු එම රෝගියා ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කර තිබේ. ඉකුත් 02 දා කොවිඩ් ආසාදිත රෝගියා රෝහල වෙත රැගෙන යාමට ගිය සෞඛ්‍ය කණ්ඩායමට අසභ්‍ය ලෙස බැණ වැදී Read More

පසුගිය රජය කුලියාපිටියේ ආරම්භ කිරීමට සැලසුම් කළ තාක්ෂණ පීඨය කොළඹට ගේනවා – අධ්‍යාපන ඇමති

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් නාරංගල්ල වතුයායේ පිහිටි ඉඩමක පසුගිය රජය සමයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු තාක්ෂණ පීඨය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය් ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (04)  පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම Read More

අපරාධ මැඬලීමේ කටයුතුවල දී, ඉකුත් වසර 05 ට පොලිස් නිලධාරින් 15 ක් ඝාතනය වෙලා – මහජන ආරක්ෂක ඇමති

අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී, 2015 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනය වූ පොලිස් නිලධාරින් සංඛ්‍යාව 15 ක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් අචාර්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සහ රථවාහන Read More

2015 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකාවට යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට වැය වූ මුදල රුපියල් බිලියන 1196.8 ක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ, දේශීය වශයෙන් මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා වත්මන් රජය අවධානය යොමු කර ඇති බවයි. යන්ත්‍රෝපකරණ ආනයනය සඳහා විශාල මුදලක් වැයවීම මඟින් පෙනි යන්නේ දේශීය වශයෙන් මෙම කර්මාන්තය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව යැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංහ්‍රහය සංශෝධනයට පියවර – වනජීවී හා වන සං‍රක්ෂණ ඇමති

ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා  වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය. වර්තමානයේ දී සත්ව ඝාතනය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවත්, සත්ව ඝාතකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජයන්ත වීරසිංහ මහතා කාරක සභාවේ දී අවධාරණය කළේය. Read More

t

o

p