බුරවි නිසා තවදුරටත් වැසි

December 5, 2020

මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවම පවතින අතර මන්නාරමට කි.මී. 145 ක් බටහිර දෙසින් ස්ථානගතව පැවතුන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.    

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලයදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ වයඹ පළාත්වලත් පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්‌ථානවල මි.මී. 100 පමණ තද වැසි ද ඇතිවිය හැක.  

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති ඇතිවේ.  

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැ.කි.මි.(40-50) පමණ දක්වා වන සුළං ඇති විය හැක.

t

o

p