මත්වතුර කාලේ බෝතලේට තැන්පත් මුදලක්

December 5, 2020

මත්වතුර අලෙවිසැල් මගින් කාලේ බෝතල් අලෙවි කිරීමේදී තැන්පත් මුදලක් ලබා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය තීරණයකට එළඹී තිබෙනවා.

ඒ, එම බෝතල් අවිධිමත් ලෙස බැහැර කිරීමෙන් සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණෙන්.

ඒ, සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් සඳහා ස්කාගාර සංස්ථාව හා සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයන් සහභාගි වී තිබෙනවා.

මෙලෙස කාලේ මත්වතුර බෝතල් සඳහා ලබා ගන්නා තැන්පත් මුදල පාරිභෝගිකයන් එම මුදල නැවත ලබාගැනීම සඳහා පොළඹවන මට්ටමේ තැන්පතුවක් විය යුතු බවයි එහිදී තීරණය වී ඇත්තේ.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර නොගන්නේ නම් අනිවාර්යයෙන් කාලේ බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කළේ.

t

o

p