පාස්පෝට් ගන්න ඔන්ලයින් අයදුම්පත් 9000 ඉක්මවයි

පසුගිය දින 9 තුළ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා අයදුම්පත් 9000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි. ඔන්ලයින් අයදුම්පත් ද්වාරය හරහා අයදුම්පත් 9158ක් ලැබී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 15 වනදා විදේශ ගමන් බලපත්‍ර සඳහා මාර්ගගත අයදුම්පත් නිකුත් කිරීම Read More

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන අදහස් ගන්න විශේෂ සැසියක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැතවේ. මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බවය. විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී. වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට Read More

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) පැවැත්වේ. බුලවායෝහීදී පැවැත්වෙන තරගය ක්‍රියාත්මක වන්නේ, B කාණ්ඩය යටතේයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජය ගෙන B කාණ්ඩයේ පෙරමුණේ පසුවේ. තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත් ඇති අයර්ලන්තය එම කාණ්ඩයේ Read More

රුසියාවේ දුර්වලතාව ලොවට හෙළිවී ඇතැයි යුක්රේන ජනපති කියයි

වැග්නර් කුලී හේවා කණ්ඩායමේ සාමාජිකයින් විසින් ආරම්භ කරන ලද සන්නද්ධ කැරැල්ල, රුසියාවේ දේශපාලන අස්ථාවරත්වය පිළිබඳ සාක්ෂියක් බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසයි. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියාවේ දුර්වලතාවය මෙමගින් පැහැදිලි වන බවයි. රුසියාව තම හමුදාවන් සහ කුලී හේවායන් තම භූමියේ තව දුරටත් තබා ගන්නා තරමට මෙම ගැටළු වැඩි වනු ඇති Read More

තායිවානයෙන් චීනයට චෝදනා

තායිවානය චෝදනා කරන්නේ චීන ගුවන් හමුදාව අද දිනයේත් තම ගුවන් කලාපය උල්ලංඝනය කළ බවයි. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ චීන යුද ගුවන්යානා අටක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර නාවික සැතපුම් 24ක් තම කලාපයට සමීප වූ බවයි. චිනය යුද ගුවන්යානා 19ක් තම ගුවන් කලාපය ආසන්නය වෙත එවා ඇති බවත් එයින් 8ක්ම සීමාව උල්ලංඝනය කළ Read More

ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රොහ්ටක් දිස්ත්‍රික්කයේ භූ කම්පනයක් සිදුව තිබේ. එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයටසඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 3.2 ක ප්‍රබලතවයකින් සටහන්ව ඇති බවයි. ඉන්දියාවේ වේලාවෙන් අද (24) අලුයම 3.57ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවට වාර්තා විය.

එළවළු මිල ඉහළට

වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද අද (23) උදෑසන ඉහළ මට්ටමක පැවතුණ බව පාරිභෝගිකයින් පවසයි. කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පිහිටි පොළ සහ අලෙවිසැල්වල එළවළු සිල්ලර මිල ද සමගාමීව ඉහළ ගොස් තිබුණි.

දරුවන් අතර යළිත් වෛරස ව්‍යාප්තියක්

පාසල් දරුවන් අතර මේ වනවිට ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි. මේ දිනවල දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරසය ව්‍යාප්තවෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි. කුඩ දරුවන්ට සහ පාසල් දරුවන්ට උණ පවතී Read More

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය අතර හමුවක් (22) සිදු වූ අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කරන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දියත් කර ඇති වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. Read More

ශ්‍රී ලංකාවට පහසු ජයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98කට සිමා විය. සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක්ද ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත්විය. Read More

t

o

p