Lanka News Page

මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එම සංඛ්‍යව දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ. මෙරට කොරොනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 655 ක් දක්වා ඉහළ ගියේය. ඒ, ඊයේ තවත් මරණ 8ක් වාර්තා වීමත් සමගිනි.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තුන්වෙනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මාර්පගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මැයි මස 31 වැනි දින දක්වා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු කළ යුතු යැයි ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරේ

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍යය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය විශාල ලෙස සංචාරකයන් පිරිසක් පැමිණ සිටි. නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටිහ. නුවරඑලිය ග්‍රෙගරි වැව Read More

සුපිරි වෙළෙඳසැලෙනුත් කොරෝනා මතුවෙයි

රජයේ සුපිරි වෙළෙඳසැළක රෝගීන් දෙදෙනකු ද පෞද්ගලික සුපිරි වෙළෙඳසැළක රෝගීන්  8 දෙනෙකු ද වාර්තා වී තිබේ. එම සුපිරි වෙළෙඳසැළ් 2 වසාදමා ඇති අතර වාර්තා වූ රෝගීන් 97 දෙනාට සම්බන්ධ ආශ්‍රිතයින් 300 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. මෙම ආශ්‍රිතයින් ලබන අඟහරුවාදා  PCR පරීක්ෂණ සඳහා Read More

මෙරට කොරෝනා ආසාදිතයෝ ලක්ෂය ඉක්මවයි

කොවිඩ් -19 වයිරස ආසාදිතයින් 826 දෙනෙකු ගත වූ පැය 24 තුල හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇති අතර ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිත සංඛ්‍යාව 100,517කි.

රිෂාඩ් සහ රියාඩ් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී Read More

ඔක්සිජන් නොමැතිව ඉන්දියාවේ රෝහල් 6ක් අර්බුදයක

ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රධානපෙළේ රෝහල් 6ක් ඔක්සිජන් නොමැතිකමින් අර්බුදයට පත්ව තිබේ. ඉන්දීය වෛද්‍යවරුන් පවසන්නේ, අනෙකුත් රෝහල්වල පවතින ඔක්සිජන් මට්ටමද පැය කිහිපයකට පමණක් ප්‍රමාණවත් බවයි. ඔක්සිජන් නොමැතිකමින් නවදිල්ලි නුවර රෝහල්වල කොවිඩ් රෝගීන් මියයන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, දැඩි සත්කාර ඒකක ද මේ වනවිට පිරී ගොස් ඇති බවයි.

කොරෝනා නීති කැඩුවොත් දැඩි දඬුවම්

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කෝවිඩ් පොකුරු සහ අනු පොකුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම කියා සිටියේය. පුද්ගලයන් අතර ගැවසීමේ දී සහ පොදු ප්‍රවාහන සේවයේදී මුඛ ආවරණ පැළඳීම ,සමාජ දුරස්තභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය බවත් එසේ Read More

කුරුණෑගල, ගනේවත්ත දුම්රිය නොනවත්වයි

කුරුණෑගල, ගනේවත්ත දුම්රිය ස්ථානයේ අද සිට කිසිදු දුම්රියක් නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගනේවත්ත අවට ගම්මාන 5 ක් හුදෙකලා කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

වන අලියකු හානි කළ ආරණ්‍ය සේනාසනයට අහිංසා ශ්‍රී ලංකා සංචාරයක්!

වයඹ පලාතේ අති දුෂ්කර ගම්මානයක් වන ගිරිබාව,කොක්මඩුවේ,අධිකාරීගම ගල්ලෙන් පොකුණ ආරණ්‍යයට පසුගිය මාර්තු 16 දා අළුයම 1.30ට පමණ කඩා වැදුණු වන අලියෙකු එම ආරණ්‍යයේ මැටි බිත්ති සහිත දාන ශාලාවට හානි කරමින් කඩා වැදී එහි තිබූ සීනි, කෙසෙල් ගෙඩි සහ විස්කෝතු සියල්ල කා දමා පිඟන් බඩු පෙට්ටිය ද බිඳ දමා යාමේ සිද්ධියක් මුල් කොට එම ආරණ්‍ය සේනාසනය Read More

t

o

p