Lanka News Page

මහජන ගෞරවයත් අහිමිව අවසන් ගමන් ගිය මංගල

මෙරට දේශපාලනයට අමතක නොවන දිනයක් එක් කරමින් කෘතහස්ත දේශපානඥයෙකු වූ මංගල සමරවීර මහතා (24) දිනයේ දී ජීවිතයෙන් සමුගත්තා. 1983 වසරේ දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වසරේ පැවැති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්යෙන් පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත් වුණා. ඉන් අනතුරුව ඔහු විදේශ කටයුතු සහ මුදල් අමාත්‍යංශය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශ කිහිපයක්ම හොඹවන්නට සමත් වුණා. Read More

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය. 1956 වසරේ අප්‍රේල් මස 21 වැනිදා උපත ලැබූ මංගල පින්සිරි සමරවීර මහතා විදේශ කටයුතු සහ මුදල් යන වඩාත් භාරධූර අමත්‍යංශ ඇතුළු අමාත්‍ය ධූර රැසක් හෙඹවූ Read More

ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රුපියල් 2,000 අද සිට

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2,000සේ දීමනාව අද (23) දිනයේ සිට ලබාදීමට නියමිතව තිබේ. අදාළ දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇති බව වාර්තා වේ. එම දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය ද ආර්ථික පුනර්ජීවනය හා ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් Read More

මහේලගේ පිළට ශූරතාවයක්

එංගලන්තයේ “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වුණා. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්.  “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ විශේෂත්වය වූයේ තරගයක එක් ඉනිමක් පන්දු 100කට සීමාවීමය.

ඩෙල්ටා ප්‍රභේදයෙන් චීනයටත් බලපෑම්

දෛනිකව ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ සහිත නව කොවිඩ් ආසාදිතයන් 140කට වඩා චීනයෙන් වාර්තා වන බව සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය. පසුගිය ජූලි මාසයේ නැංජින් නුවර නැගෙනහිර පළාතෙන් හඳුනා ගත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගියාගේ සිට මේ දක්වා ගත වූ කාලයේ චීනයේ තවත් නගර රැසකට ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇතැයි එහි වැඩි දුරටත් සඳහන් වේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සංකීර්ණය යළි විවෘත වෙයි

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළඳාම සඳහා විවෘත කෙරිණි   දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද සිට වෙළඳාම් කටයුතු සිදු කරන බව මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය ප්‍රකාශ කරයි

ඇෆ්ඝනිස්ථාන සරණාගතයින් බ්‍රිතාන්‍යයට

ඇෆ්ඝනිස්ථානයේ බලය තලෙබාන් සංවිධානය අල්ලාගැනීම හේතුවෙන් පළායන ඇෆ්ගනිස්ථාන වැසියන් දහස් ගණනක පිරිසක් සඳහා රැකවරණය ලබාදීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය පවසයි. ඊට අදාළ වැඩපිළිවෙල යටතේ ඉදිරි වසර කිහිපය තුළ ඇෆ්ගනිස්ථාන සරණාගතයින්  20,000ක පමණ පිරිසක් සඳහා බ්‍රිතාන්‍යයේ පදිංචිය ලබාදීමට පියවර ගන්නා බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකාවට අභියෝග

එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන එළි දක්වා තිබේ. ඔක්තෝබර් 20 වැනිදා ශ්‍රී ලංකාව අයර්ලන්තය සමගින් තරග වැදීමටත් ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමගින් තරග වදිනු ඇත. නැමීබියාව සහ අයර්ලන්තය සමග තරග අබුඩාබිහිදී පැවැත්වීමට Read More

‘ඩෙල්ටා’ විකෘති ප්‍රභේද 3ක්

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතීන් තුනක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් බවට පර්යේෂකයන් තහවුරු කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. එම විකෘති වයිරස් SA 222 V, SA 701S සහ SA 1078 S ලෙස නම් කර ඇති බවත් ජාන කේතයන් වෙනස් වීම මඟින් මෙම Read More

කොරෝනා පනත සම්මතයි

කොරෝනා තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පස්වරුවේ සම්මත විය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (17) දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විණ. විවාදය සඳහා යෝජනාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ අතර කොවිඩ් වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු යථා පරිදි පවත්වාගෙන යෑම, එවැනි අවස්ථාවලදී අධිකරණ කටයුතු Read More

t

o

p