මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

August 24, 2021

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.

1956 වසරේ අප්‍රේල් මස 21 වැනිදා උපත ලැබූ මංගල පින්සිරි සමරවීර මහතා විදේශ කටයුතු සහ මුදල් යන වඩාත් භාරධූර අමත්‍යංශ ඇතුළු අමාත්‍ය ධූර රැසක් හෙඹවූ ප්‍රබල දේශපාලන චරිතයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායකරයා ලෙස 1983 වසරේ දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වසරේ පැවැති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්යෙන් පාර්ලිමේන්තුවට පළමු වරට තේරීපත්විය.

t

o

p