Local News

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මේ අතර Read More

බදු සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

මූල්‍ය නොවන දීමනා සඳහා උපයනවිට බදු අය කිරීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කර ඇත. ඒ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවා යෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කරමින්. ඊට අනුව මූල්‍යමය නොවන ප්‍රතිලාභ සඳහා වටිනාකම ගණනය Read More

කොටුවට හමුදාව කැඳවයි

අද (08) වෘත්තීය සමිති කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට ආරක්ෂාවට යුද හමුදාව කඳවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි. කෙසේ නමුත් අදාල විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් අවහිර වූ අතර ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික අංශ සේවකයන්ටත් සෞඛ්‍ය රක්ෂණයක්

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයන්ටද ලබා දීමට හැකි වන පරිදි සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ සඳහා මෙම පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ Read More

මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට පියවර ගැනීම අතිශය දුෂ්කරයි – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම අතිශය දුෂ්කර කරුණක් වී ඇති බව මැතිවරණ කොමිසම විසින් ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදි. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සමකට අදාළව දිවුරුම් පෙත්සමක් ලබා Read More

තුර්කියේ හදිසි තත්ත්වයක් : මිය ගිය ගණන 5,000 ඉක්මවයි : මුදාගැනීම් සඳහා ශ්‍රී ලංකාවේ සහය

නිල වශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව යළිත් ඉහළ යාමත් සමග තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයේ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූ කම්පා හේතුවෙන් මිය ගිය ගණන 5,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පළමු භූමිකම්පාවෙන් පසුව තුර්කියේ පමණක් 3,419කට වැඩි පිරිසක් මිය ගොස් ඇති Read More

75 වන නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවයේ වියදම පිළිබඳ පළවන පුවත් සාවද්‍යයයි – ජනාධිපති කාර්යාලය අවධාරණය කරයි

75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින සාවද්‍ය පුවත් සහ තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බල කළ පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය පෙන්නුම් කරයි. පැහැදිලිව එහි අපේක්ෂාව Read More

සේවක භාර අරමුදල් පනතට සංශෝධන

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දීමට හැකිවන පරිදි සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ සඳහා මෙම පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඇමතිවරයා Read More

ගෑස් මිල ඉහළ දැමුවත් ආපාණශාලාවල ආහාර මිල ඉහළ නොයයි

ගෑස් මිල ඉහළ දැමුව ද ආපාණශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපාණශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ සිය සංගමයේ සාමාජිකයන් රැස්වී ඊයේ (05) මෙම තීරණය ගත් බවයි. එමෙන්ම ගෑස් මිල ඉහළ ගිය ද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ Read More

බිත්තර නිෂ්පාදකයින් නව ගැසට්ටුවට එකඟ වෙයි

බිත්තර සදහා නව පාලන මිලක් නියම කරමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සෑහිමකට පත්වන බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදි. බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් කරමින් පසුගිය වසරේ අගොස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට සූදානම් බවයි ඔවුන් ප්‍රකාශ කළේ. එහිදී Read More

t

o

p