ජනතා හඬ - Tissa Attanayaka

දේශීය කලාවට අත හිත දීම

පසුගිය සතියේ 45 වසරක රංගාවතරණයේ යෙදුනු සමදරා ආරියවංශ මහත්මියගේ “රඟමඩලේ සමදරාවෝ” උපහාර උළෙලක් මරදාන ටවර් රඟහලේදී පැවැත්විනි. සමදරා ආරියවංශ මහත්මිය වසර 45 ට අධික කාලයක් රංගනයේ යෙදුනු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණියකි. මේ වන විටත් ඇය ප්‍රසිද්ධ නාට්‍යයන් 200 ට අධික ප්‍රමාණයක සිය රංගනයෙන් දායක වී ඇති අතර සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය ආදියෙහි කීර්තිමත් රංගධරයෙකි. සයිමන් Read More

ආණ්ඩුවේ ඉදිරි ගමන හා ආර්ථික පියවර

එක්සත් ජාතික පක්ෂයට හැම විටම තිබු විශ්වාසය වූයේ රට කළමනාකරය කිරිමේ හැකියාව වැඩි වශයෙන්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවය. එම විශ්වාසය ගොඩ නැගුවේ 1977 ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව ඇති කළ ආර්ථික පෙරලියයි. 1977 ට පෙර තිබු දේශීය ආර්ථික වැඩපිළිවෙල හේතුවෙන් අපට රටතුළ බොහෝ නිෂ්පාදන ඇතිකර ගැනිමට සිදුවිය. ඒ වෙනුවෙන් යම් යම් සිමාවන් ඇති කිරිමට සිදුවිය.

සිරකරුවෝද මනුෂ්‍යයෝය

වැලිකඩ සිර ගෙදරට ඇතුල්වන මාර්ගය ඉදිරිපිට තිබෙන තාප්පයේ ලොකු අකුරින් ලියා ඇත්තේ සෙිරකරුවෝ මනුෂ්‍යයෝය යන්නයි. එය පැහැදිලිය. නීතිය උල්ලංඝනය කරමින් වැරැද්දක් සිදුකළ විට රටේ නිතියට අනුව ඔවුන් සිරගත කළද මනුෂ්‍යයෝ ලෙස සමාජ පිළිගැනිමකට ඔවුන් ලක් කළ යුතුය.

කොළඹ මාර්ග තදබදයට විසදුම් සෙවිම

මෑත කාලයේ කොළඹනගරය තුළ විශාල වාහන තදබදයක් ඇති වුන බව පෙනේ. එයට හේතුව වී ඇත්තේ මාර්ගයේ ධාවනයට එක්වන වාහන ප්‍රසාරණයට අනුව මාර්ග පුළුල් නොවිම හා පොදු ප්‍රවාහන පද්ධතිවල ඇති දුර්වලතාවයයි.

මැති ඇමතිවරුන්ගේ විදේශ සංචාර

පසුගිය වර්ෂය තුළ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් කරන ලද විදේශ සංචාරවලට වැය කර ඇති මුදල් ප්‍රමාණය මිලියන 100 ඉක්මනවන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුනි. මිට අමතරව පසුගිය කාලය තුළ ජනාධිපතිවරයා විසින් කරන ලද විදේශ සංචාර හා ඒ සඳහා වැය වූ පිරිවැය ද මිට ඇතුළත් විය යුතුය.

යහපාලනය හා නිර්පාක්ෂික භාවය

පසුගිය වර්ෂයේ ජනවාරි 08 වැනි දින වත්මන් පාලනය බිහි කිරිමට මෙරටේ ජනතාවගෙන් බහුතරයක් සිය ඡන්දය ප්‍රකාශ කළේ යහපත් සමාජ සංස්කෘතියක් බිහි කිරිමේ පරමාර්තය පෙරදැරි කරගෙනය. එවකට පැවැති රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව නොයෙක් චෝදනා නගමින් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා පුරවැසි සංවිධාන පෙරමුණ ගත්තේ රටේ වෙනසක් ඇති කිරිමටය.

ඉන්දු පකිස්ථාන් දේශසීමා ගැටුම හා සාර්ක් සමුළුව

වසර ගණනාවක සිට ඉන්දු පාකිස්ථාන දේශසීමා ගැටුම් පවති. ඒ නිසාම ඉන්දියාව හා පාකිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවා වරින් වර බිද වැටුන අතර අවස්ථා ගණනාවකදී දෙරට අතර යුද ගැටුම් පවා සිදු විය.

දේශපාලකයන් හා නිලධාරින් හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිම

දේශපාලකයන් හා නිලධාරින් පසුගිය මාස 16 තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා පාවිච්චි කිරිම වෙනුවෙන් රුපියල් කෝටි 20 කට වඩා වැය කර ඇති බව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී හෙළි විය.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා ගෙඩනැගී ඇති “සයිටම්” විරෝධතාවය

පසුගිය මාස ගණනාව තුළ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතු කර ගෙන (සයිටම්) විශ්ව විද්‍යාල විරෝධතා ව්‍යාපාරයක් දිගින් දිගටම පැවැති අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමකට රජය පැමිණ නොමැති බවක් පෙනේ. විශේෂයෙන්ම මෙම කාරණය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද මැදිහත් ව තිබිම මෙම ගැටලූකාරි තත්ත්වය තව දුරටත් උත්සන්න වීමට හේතුවකි.

t

o

p