Special News

ශ්‍රීලනිප ඇරයුම මහින්ද රාජපක්ෂ සතුටින් බාර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ මිරිහානේ නිවසට ගොස් ආරාධනා පත්‍රය බාර දී ඇත. කුරුණෑගල දී සැප්තැම්බර් 4 වැනි දා පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන බවත් ඇරයුම සතුටින් බාරගත් බවත් ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු Read More

රජයේ බදු ආදායම රුපියල් බිලියන 100කින් ඉහළට

මාස 6ක් තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 100කින් ඉහළ ගොස් ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අනුව දේශිය බදු ආදායම 22%කින්, සුරා බදු ආදායම 22%කින් සහ රේගු බදු ආදායම 40%කින් වැඩි වී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක්

ටෙස්ට් ක්‍රිකට් පිටියේ මේ වන විට අංක එක ස්ථානයේ පසුවෙන කණ්ඩායම වන ඔස්ට්‍රේලියා පරදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් (Whitewash – ටෙස්ට් තරගාවලියක සියලුම තරගවලදී ප්‍රතිවාදීන් දවා ලබාගන්නා තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පොලීසිය හැර ගිය අය යළි සේවයේ පිහිටුවිමට තීරණයවේ

දේශපාලන බලපෑම් මත යැයි සදහන් කරමින් පොලිස් සේවය අතහැර ඕස්ටේ‍්‍රලියාවට පලාගොස් ආණ්ඩු පෙරලියෙන් පසු මෙරටට පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ප‍්‍රිශාන්ත ජයතොඩි මහතාව නැවත සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි නීතිය , සාමය හා දක්‍ෂිණ සංවර්න අමාත්‍යාංශයේ තොරතුරු අනාවරණය කළේය.

ආර්ථික දියුණුවට චයිනා මර්චන්ට් සමාගමෙන් ලංකාවට අතහිත

මහනගර සහ වරාය ඉදිකිරීම් සම්බන්ධව තමන් සතු අත්දැකීම් හා නිපුණත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දීමට සූදානමින් සිටින බව චයිනා මර්චන්ට් සමාගමේ සභාපති ලි ජියැන්හොං මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අභිලාෂයන් ඉතා වැදගත් බව පෙන්වා දුන් ලි ජියැන්හොං මහතා අනාදිමත් කාලයක සිට පැවත එන ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය වෙනුවෙන් සහ සම්මුතිවාදී නව රජයේ ආර්ථික Read More

මහින්දගේ මන්ත්‍රීවරු 06 කට ආසන සංවිධානයකධූර අහිමිවේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල හා සී.බී රත්නායක යන අයගේ ආසන සංවිධායකධූර ඔවුන්ට අහිමි වී ඇත.

පූජිත් නාමික පොලිස්පතිවරයෙකු වෙන ලකුණු

පොලිස් කොමිසම විසින් ලබාදෙන නිර්දේශ තවදුරටත් පොලිස්පතිවරයා විසින් ක‍්‍රියාත්මක කරන්නේ නැතිනම් එ් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ අවධානය යොමුවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

යුද හමුදාපතිගේ කාලය තවත් වසරකින් දිගු කරයි

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි. ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා යුද හමුදාවේ 21 වැනි හමුදාපති ලෙස පසුගිය වසරේ පෙබරවාරි 22දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.

එ.ජා.ප හත්වෙනි සාමාජික ප්‍රවර්ධනය ලබන ඉරිදා මාතරදී

එක්සත් ජාතික පක්ෂයේ හත්වැනි සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ලබන ඉරිදා (21) මාතර දෙණියාය මැතිවරණ කොට්ඨාශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

t

o

p