එ.ජා.ප හත්වෙනි සාමාජික ප්‍රවර්ධනය ලබන ඉරිදා මාතරදී

August 16, 2016

එක්සත් ජාතික පක්ෂයේ හත්වැනි සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ලබන ඉරිදා (21) මාතර දෙණියාය මැතිවරණ කොට්ඨාශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
දෙණියාය එක්සත් ජාතික පක්ෂ සංවිධායක, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කෙරෙති.
එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ 35 ක සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීමේ වැඩපිළිවෙල කුලියාපිටිය, මාවතගම, ගාල්ල, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මීට පෙර ක්‍රියාත්මක කෙරුනි.
එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් දෙණියාය මැතිවරණ කොට්ඨාශයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන තුළදී රුපියල් 1000, රුපියල් 100 හා රුපියල් 20 යන වටිනාකමින් යුතු සාමාජික ටිකට් පතක් ගෙන පක්ෂ සාමාජිකත්වය ලබාගත හැකි බව සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
ඊට අමතරව අන්තර්ජාලයේ ඇප් පහසුකම මගින් සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීමද මෙම වැඩසටහනට සමාගාමීව සිදුකෙරේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p