යාපනය දුම්රියේ ගැටී අලි හතර දෙනා මිය යයි

August 17, 2016

උතුරු දුම්රිය මාර්ගයේ මඩු සහ සෙට්ටිකුලම අතර ප්‍රදේශයේදි දුම්රියක ගැටිමෙන් වන අලින් සිව් දෙනෙකු මරණයට පත්ව ඇත.

ඊයේ (16) රාත්‍රි 11-15 ත් 11-30 ත් අතර කාලයේදි දුම්රිය මාර්ගයේ කිලෝ මිටර් 258 කණුව අසලදි මෙම අනතුර සිදුව ඇත.

මිය ගිය වන අලින් අතර වයස අවුරුදු 5ට අඩු අලි පැටවෙකු, වයස අවුරුදු 10-15 ත් අතර අලි දෙදෙනෙකුද වයස අවුරුදු 30-40 ත් අතර වියේ පසු වන අලියෙකු සි‍ටින බව වන ජිවි නිළධාරින් පවසයි.

මෙම අලින් සිව්දෙනා කැළය දෙස සිට දුම්රිය මාර්ගය හරහා කොළඹ -මන්නාරම ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කරමින් සිටියදි තලෙයිමන්නාරම සිට කොළඹ දෙසට ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ ගැටි ඇත.මෙම ස්ථානයේ වංගු සහිත බැවින් අලින් ගමන් කරන අයුරු දුම්රිය රියදුරු  දැක නැත.අනතුර හේතුවෙන් රාත්‍රි තැපැල් දුම්රියද පැය භාගයක් පමණ ප්‍රමාද වි තිබේ.

මඩු සහ සෙට්ටිකුලම අතර ප්‍රදේශයේ නිතරම අලින් ගැවසෙන බැවින් මෙම සීමා‍වේ දුම්රිය ධාවන වේගයද සීමා කර ඇති බව වනජිවි නිළධාරින් පවසයි.

අනතුර සිදු වු අවස්ථාවේ දුම්රිය ධාවනය වු ‍වේගය පිළිබද ‍‍මෙතෙක් තොරතුරුඅනාවරණය වි නොමැත.

මේ පිළිබද පරායනන්කුලම් පොලිසිය හා මඩු කලාපය භාර වනජිවි නිළධාරින් විසින් සිදු කරනු ලබයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p