පොලීසිය හැර ගිය අය යළි සේවයේ පිහිටුවිමට තීරණයවේ

August 17, 2016

දේශපාලන බලපෑම් මත යැයි සදහන් කරමින් පොලිස් සේවය අතහැර ඕස්ටේ‍්‍රලියාවට පලාගොස් ආණ්ඩු පෙරලියෙන් පසු මෙරටට පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ප‍්‍රිශාන්ත ජයතොඩි මහතාව නැවත සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි නීතිය , සාමය හා දක්‍ෂිණ සංවර්න අමාත්‍යාංශයේ තොරතුරු අනාවරණය කළේය.
මෙරටට ඔහු පැමිණිමෙන් පසු එජාපයේ මහර ආසන සංවිධායක ධුරය හිමි විය. පසුගිය මහා මැතිවරණයේදී ඔහු එජාපයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයටද තරග කලේය. තමන් මේ වන විට ආසන සංවිධායකධුරයෙන් ඉවත්ව ඇති බව එ් සම්බන්ධයෙන් කළ විමසුමකදී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේය.
ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා හැරුණු කොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 06 දෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිධූරවලට උසස් කිරීමටත්, සහකාර පොලිස් අධීකාරීවරු 04 දෙනෙක් පොලිස් අධීකරීවරු ලෙස උසස් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය. පසුගිය කාලයේ පොලිස් සේවය අතහැර ගිය කිහිප දෙනෙක්ම නැවත උසස්වීම් සමග පොලිස් සේවයට ගැනීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද එම ආරංච් මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.
දේශපාලන හේතූන් මත විවිධ ගැටළුවලට පසුගිය වකවානුවේ මුහුණ දුන් පොලිසියේ 129 දෙනෙක්ට සහන සැලසීමට කැබිනට් ණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බව නීතිය ,සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහතා කළ විමසුමකදී පැවැසුවේය.
එම පොලිස් නිලධාරීන්ගේ ලේඛනය මේ වන විට අමාත්‍යාංශයට ලැබී ඇති බවත් විනය පරීක්‍ෂණ නොමැති අයට අදාල නිර්දෙශ ක‍්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට ඉදිරියේදි යොමුකරන බවත් ජගත් විජේවීර මහතා සදහන් කළේය. එ් අය අතර විශ‍්‍රාමික පොලිස් නිළධාරීන්ද රැසක් සිටින බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p