Special News

ජාතික ගීය ගායනය ගැන මාර්ගෝපදේශ මාලාවක්

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබේ. උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. එනම්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ Read More

ජනපති සහ සිංගප්පූරු අගමැති හමු වෙයි

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල හමුව ඊයේ (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදු විය. මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය. නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. Read More

හොර පාරෙන් ගෙන් වූ බී.ඩී.කොළ කිලෝ ග්‍රෑම් 1,460 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ශ්‍රි ලංකා නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණය මත පුත්තලම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් Read More

භූගත ජලය ගැන දැනුම්දීමක්

පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතයේදී ජලයේ රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ වෙනසක් පවතී නම් ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයකින් පරීක්ෂා කර ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි. ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. රත්නායක මහතා පැවසුවේ, භූගත ජල මට්ටම් අඩු වීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදු වන බැවින් මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි. Read More

මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ඊයේ ආරම්භ වූ අතර මේ මස 31 වනදා දක්වා පැවැත්වෙයි. එබැවින් ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. එහි දෙවන කුඹල් පෙරහැර අද (22) රාත්‍රී 7.05ට වීථි සංචාරය කිරීමට නියමිතයි.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සම්බන්ධයෙන් ගත් තීරණය

නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසුව අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. මීට පෙර එම ලේඛන මාස 6කට වලංගු වන බව පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බවත් නිකුත් කරන ලද ඕනෑම සහතිකයක පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහෙත් Read More

කාලගුණයෙන් ජනතාවට අනතුරු ඇගවීමක්

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර එම ප්‍රදේශවල සිටින ජනතාවට විමසිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශවලට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය Read More

උද්ධමනයේ වෙනසක්

පසුගිය ජුලි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ලංකාවේ උද්ධමනය සියයට 4.6%ක් දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි. තවද පසුගිය ජුනි මාසයේදී ලංකාවේ උද්ධමනය සඳහන් වූයේ සියයට 10.8%ක් ලෙස වන අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනයද සියයට -2.5% දක්වා පහළ වැටී ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ප්‍රතිසංස්කරණට පියවර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉස්වැටිය හා කොලොන්ගස්වැව යන වැව් ද්විත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට පසුගියදා ලක් විය. රුපියල් මිලියන 40 ක වියදමින්, කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක SIAP ව්‍යාපෘතිය යටතේ මෙම වැව් දෙකෙහිම ප්‍රතිසංස්කරණය කෙරේ.ඒ යටතේ එම වැව් වල පවතින රොන් මඩ ඉවත් කිරීම, Read More

කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤට

FIFA කාන්තා පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව හිමිකර ගන්නට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය. ඒ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පැවති අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ස්පාඤ්ඤ කණ්ඩායම මෙම අවසන් මහා තරගය ජය ගත්තේ ගෝල එකට බිංදුවක් ලෙසටයි.

t

o

p