හොර පාරෙන් ගෙන් වූ බී.ඩී.කොළ කිලෝ ග්‍රෑම් 1,460 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

August 23, 2023

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ශ්‍රි ලංකා නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණය මත පුත්තලම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (22) වන දින හලාවත පොලිස් වසමේ අංක 49, සිල්වම් වත්ත, මයික්කුලම ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව තීරබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද බී.ඩී. කොළ කිලෝ ග්‍රෑම් 1,460 ක් වෑන් රථයක පටවා ප්‍රවාහනයට සුදානම් කර සන්තකයේ තබාගෙන සිටි මයික්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම සුරබදු ඒකකයේ ස්ථානාධිපති තුමා වෙත භාර දී ඇත.

t

o

p