Gallery

නිරෝෂන්ට රුසියාවෙන් සම්මානයක්

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය  අමාත්‍ය නිරෝෂන් පෙරේරා මැතිතුමන් 2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කල “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය ”  සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දෙමින් තාරුණ්‍ය වෙනුවෙන් කල සේවාව වෙනුවෙන්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමන්ගේ අත්සනින් යුතු Read More

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් අද වැඩ භාර ගනි

  බන්ධනාගාර ඉතිහාසයේ 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද දින (11) බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගත් අතර, මීට පෙර කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත. මේ සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්විය.

ගාල්ල වෙරළේ අනවසර ඉදිකිරිම් ඉවතට

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව විසින් ගාල්ල දෙවට ප්‍රෙද්ශයේ අනවසර ඉදිකිරීමේ ඉවත් කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහභාගි වූ අයුරු.   ‘වින්ඩ් සර්ෆින්‘ සදහා ප්‍රසිද්ධ ගාල්ල දෙවට ස්ථානයේ පිරිසිදු වෙරළ තීරයක ආරක්ෂිතව සංචාරකයින් සදහා විනෝදවීමේ අවස්ථාව ලබාදීමත් මෙම වැඩපිළිවෙළේ අරමුණයි.  නීති විරෝධී 27 ඉදිකිරීම් ඉවත්කර, වෙරළ පිරිසිදු කිරීම මේ යටතේ සිදුවේ.

අබ්දුල් කලාම් ආසියා අභිමානය සම්මානය කතානායක කරු ජයසූරියට

අබ්දුල් කලාම්  කළමණාකරන හා  තාක්ෂණ අධ්‍යන ආයතනයෙන්  කථානායක කරු ජයසුරිය මහතාට   Prid Of Asia (ආසියාවේ අභිමානය)   සම්මානය පිරිනැමෙයි.   ඉන්දියාවේ කීර්තිමත් ජනපතිවරයෙකු මෙන්ම ලෝක ගෞරවාදරයට පාත්‍ර වූ විශීෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් ජනපතිවරයා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමණාකරණ හා තාක්ෂණ විද්‍යායාතනය මඟින්  Prid Of Asia (ආසියාවේ අභිමානය)  සම්මානය අද (2019.03.05)  පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා වෙත Read More

අගමැති නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමති හමුවේ

නොර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මේරිඈන් හාගන් (Marianne Hagen  – State Secretary of Foreign Affairs)මහත්මිය ඇතුළු දූත පිරිස අද (05) දින අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

යොවුන් සේනාංකයට හදිසියේ පැමිණි ඇමති සාගල.

මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා දක්ෂතා ඇති තරුණ,තරුණියන් සදහා ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා පුහුණු පුහුණු කඳවුරක් පසුගිය 02 වැනිදා සිට අකුරැස්ස යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී ආරම්භ වුණි. වොලිබෝල්,නෙට්බෝල්,කබඩි යන ක්‍රීඩාවන්හි දක්ෂතා දැක් වූ ක්‍රීඩක,ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා  ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම නේවාසික ක්‍රීඩා පුහුණු කඳවුර සංවිධානය කර තිබූ අකර ඒ සදහා ක්‍රීඩක,ක්‍රීඩිකා‍වෝ 200 වැඩි පිරිසක් සහභාගි වූහ. නාවික Read More

සිංහරාජ රක්ෂිතයේ මාර්ගය හදනවාට ලෝක බැංකුව ඉදිරිපිට විරෝධතා

ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් ඊයේ (20) ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය පිහිටි කොල්ලුපිටියේ, DFCC ගොඩනැගිල්ල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණි. එමෙන්ම මධ්‍යාහ්න 12 ට පරිසර අමාත්‍යාංශය පිහිටි බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ, සොබාදම් පියස ඉදිරිපිටදී ද විරෝධතාවක් සංවිධානය Read More

අරලියගහ මැදුරේ පැවති තෛපොංගල් උත්සවය

තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්,  සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් සහ එම්. ඒ සුමන්තිරන් යන මහත්වරුන් Read More

අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් බැහැදැක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) දින ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ. මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද සහභාගි විය.

නව නාවික හමුදාපති හා අගමැති හමුව

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එහිදී අග්‍රාමාත්‍යතුමා වෙත නාවික හමුදාපතිතුමන්  විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලද අතර එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක උපදේශක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් බාලසුරිය යන මහත්වරුද සහභාගි වූහ.

t

o

p