Gallery

කොළඹ වරායේ තවත් 200ක් සඳහා PCR පරීක්‍ෂණ සිදු කරයි

කොළඹ වරායේ මෙහෙයුම් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යෑම සඳහා කැප වී සිටින සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්‍ෂිතව පවත්වාගෙන යෑම සඳහා අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් සඳහා  පොලිමර් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂාව (PCR) ට ලක් කරනු ලැබී ය. කොළඹ වරාය යාත්‍රා අංගන පරිශ්‍රයේ දී පැවැති PCR පරික්‍ෂාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  කළමණාකාරීත්වය විසින් අඛණ්ඩව එහි සේවක Read More

කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණයට ලක් කෙරේ

කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණයට ලක් කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සංවිධානය කිරීම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමෙන්තුව හා ඛණිජතෙල් හා තොග ගබඩා කිරීමේ පර්යන්තය මඟින් සිදුවිය. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලු අධිකරණ පරිශ්‍රය විෂබීජානුහරණය කිරීමේ අවස්ථාවට බස්නාහිර දිසා බාර ජ්‍යේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ලංකා ඛණිජ තෙල් Read More

අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක්

එක්සත් ජාතීන්ගේ අධයාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන 2020 ඔත්තෝබර් 13 දින පැවැත්විය. කොවිඩ් 19 ව්‍යසන තත්වය හේතුවෙන්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මඩකලපුව, ත්‍රිකුණාමලය, කලුතර සහ හම්බන්තොට Read More

චීනයේ 71 වැනි ජාතික දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28) පස්වරුවේ පැවැත්විණි. චිං රාජ වංශය බිදවැටීමත්, වූචං කැරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භයත් සිහිකිරීම වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝම්බර් 01 වැනිදා චීනය සිය ජාතික දිනය සමරනු ලබයි. චීන රජය Read More

රුපියල් දහසේ නව මුදල් නෝට්ටුවක්

රුපියල් දහසේ නව මුදල් නෝට්ටුවක් ඊයේ (24) දින එළිදක්වන ලදී. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූයේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අතර මෙම හමුව පැවැතියේ විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේදීය.

ඇමරිකා තානාපතිනිය කථානායක මුණගැසේ

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පසුගියදා කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාව මුණගැසුණාය. මෙම අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය පිළිබද ඇමරිකානු  ඒජන්සියේ  ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ රීඩ් අයෙෂිමාන් මහතා සහ තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ජෙෆ්රි ෂැනිං මහතාද සහභාගී වූහ. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද එක්විය.

දිවිපිදූ සිවිල් ආරක්ෂකයන්ට පුෂ්පෝපහාර

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සිහිපත් කරමින් මිහින්තලේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වීම පසුගියදා සිදු කෙරිණි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 14 වැනි සංවත්සරය නිමිති කර ගනිමින් රට වෙනුවෙන් දිවිපිදු එම බළකායේ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්ප උපහාර පුද කිරීම සිදු කළේය. මේ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 545 සිය ජීවිත Read More

t

o

p