ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද අන්ත පරාජයන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනමය නිලධාරීන් කෙරෙහි සමාජයේ විරෝධයක් ගොඩනැගෙමින් පැවතියා. ඉකුත් නොවැම්බර් 02 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති 2023 එක්දින ලෝක කුසලානයේ 33වැනි Read More

කොළඹට අද පැය 10 ක ජල කප්පාදුවක්

අද (04) පස්වරු 7.00 සිට පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට හෙට රාත්‍රී 7.00 සිට ඉරිදා අලුයම 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය Read More

රජරට වැව් පිටාර ගලයි

පවතින අධික වැසි සහිත කාළගුණ තත්වයත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා, මධ්‍ය හා මහා පරිමාණ වැව් රැසක් මේ වන විට පිටාර ගලමින් පවතී. ඊයේ (03) පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් පැය කීපයක්ම ඇද හැලුණු අතර, මේ හේතුවෙන් වැව් පිටාර ගලමින් පවතී. එප්පාවල ප්‍රදේශයේ පවතින මහා පරිමාණ වැවක් වන කටියාව වැව මේ වන විට වාන් දමමින් පවතී, ඒ හේතුවෙන් Read More

නේපාල භූමි කම්පාවෙන් 128 ක් මරුට

රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලඹිණි. මියගිය ගණන 128 ක් බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 100 කි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇතිවූ භූ කම්පනයේ ප්‍රභලත්වය එහි අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර 500ක පමණ දුරින් Read More

තේරීම් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු විමසයි

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද දක්ෂතා සම්බන්ධයෙන් ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයෙන් මෙන්ම තේරීම් කමිටුවෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලා සිටියි.  ඒ අනුව ඉන්දියාවට එරෙහිව නොවැම්බර් 02 වැනිදා පැවැති තරගයේදී ලද දරුණු පරාජය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි කණස්සල්ල සහ කලකිරෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ.  Read More

ඊශ්‍රායල හමුදාව ගාසා අගනුවරට ළං වෙයි

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණය තවදුරටත් වැඩි කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එහි අගනුවර වෙත ළඟා වෙමින් සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය. ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අඛණ්ඩව ගුවනින් බෝම්බ හෙළීම සිදු කරන බවත්, ගොඩබිම් මෙහෙයුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා Read More

වතු කම්කරුවන්ට නිවාස දස දහසක්

කොටගල පිහිටි මවුන්ට් වර්නන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක් (10,000) ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මුල්ගල් තැබීම සිදු කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය නිර්මාලා සීතාරාමන් මහත්මිය විසින්. මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ Read More

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක්

ඇමරිකානු ඩොලර් 58000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළ දී මෙරටට ලැබීමට නියමිතව තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා අතර පැවති හමුවකදී යි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ. ඒ අතර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් වන බවත්, විශේෂයෙන් පිළිකා හා Read More

යුරෝපා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් කථානායකවරයා හමුවෙයි

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති හයිඩි හෝටලා (Heidi Hautala) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කලාපයට අදාළ මෙම දූත පිරිසට පෝලන්තය, ෆින්ලන්තය, ජර්මනිය සහ ලිතුවේනියාව යන රටවලට අයත් සභිකයන් එක්ව සිටියහ. මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීම සදහා රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායකවරයා මෙහිදී Read More

බදු නොගෙවූ මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අහෝසියි

රජයට ගෙවීමට නියමිත බදු නිසි පරිදි නොගෙවීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කර තිබේ W.M. මෙන්ඩිස්, වයඹ, සිනර්ජි, රන්දෙණිගල සහ ෆින්ලන්ඩ් යන සමාගම්වල බලපත්‍ර මෙලෙස අත්හිටුවා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

t

o

p