ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.
පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද අන්ත පරාජයන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනමය නිලධාරීන් කෙරෙහි සමාජයේ විරෝධයක් ගොඩනැගෙමින් පැවතියා.
ඉකුත් නොවැම්බර් 02 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති 2023 එක්දින ලෝක කුසලානයේ 33වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 55ක් ක් ලබා ගනිමින් සිදුවූ අපකීර්තිමත් අන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සඳහා සෘජුව චෝදනා එල්ල වීමක් සිදුවූ අතර, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන්හි වගකීම් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාර ගත යුතු බවට චෝදනාත්මක ලිපියක්ද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. එම සිදුවීමෙන් අනතුරුවයි මොහාන් ද සිල්වා ධූරයෙන් ඉවත් වීමේ ලිපිය මෙලෙස භාර දී ඇත්තේ.