නේපාල භූමි කම්පාවෙන් 128 ක් මරුට

November 4, 2023

රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලඹිණි. මියගිය ගණන 128 ක් බව පැවැසෙයි.

තුවාල ලැබූ ගණන 100 කි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇතිවූ භූ කම්පනයේ ප්‍රභලත්වය එහි අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර 500ක පමණ දුරින් පිහිටි ඉන්දියාවේ නව දිල්ලි අගනුවරටද දැනී තිබේ.

ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවත්,එහි කඳු සහිත ස්වභාවය හේතුවෙන් විපතට පත් වූවන් මුදා ගැනීම අසීරු වී ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.

t

o

p