රාජකීයේ සිසුන් ජනපති හමු වී සුහද පිළිසඳරක

කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇති බවයි. අද දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව Read More

වෛද්‍ය ආඥාපනත සංශෝධනයට

විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 1927 අංක 26 දරන වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීමේ යෝජනාව මේ වසරේ අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලයේ Read More

ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. Read More

වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් මස 30 දිනට ප්‍රථම භාර දිය යුතුයි – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

පවතින දේශීය ආදායම් නීතිය අනුව තක්සේරු වර්ශ 2022/2023, එනම් 2022 අප්‍රේල් 01 දා සිට 2023 මාර්තු 31 දින දක්වා කාල පරිච්ඡේදය සඳහා වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් මස 30 දිනට ප්‍රථම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ. එසේ අදාල දිනට භාර නොදෙන බදු ලිපිගොනු පවත්වා ගෙන යන තැනැත්තන්ට රුපියල් Read More

දිස්ත්‍රික්ක 11 ක් සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලීය කැළඹීමක් හේතුවෙන්. දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

ලෝක වෙළඳපොළේ රන් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ. රන් අවුන්සයක මිලඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සති අන්තයට සාපේක්ෂව ඩොලර් 11ක පමණ වැඩිවීමක් බවයි වාර්තා වෙන්නේ. පසුගිය මාස 06ක කාලය සැලකූ විට එය ඩොලර් 60ක පමණ වැඩිවීමක් මෙන්ම වසරක් තුළ ඩොලර් 261ක නැත්නම් 15%ක පමණ වැඩිවීමක් Read More

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000ක් පමණ බඳවා ගන්නා බව, අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බවයි.

එංගලන්තයේ සහයෙන් ශ්‍රී ලංකාවට අපද්‍රව්‍ය විගණන රාමුවක්

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය විගණන රාමුවක් සකස්කිරීමට හා අපද්‍රව්‍ය මූලික දත්ත රැස්කිරීම සදහා වැඩසටහනක් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) විසින් ආරම්භ කර ඇත. එහි සමාරම්භක අවස්ථාව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය විසින් (NCPC) ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සදහා එංගලන්තයේ The Center for Read More

ලෝක ප්‍රකට සූපවේදී , ගැරී මිහිගන් ශ්‍රී ලංකාවට

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා ඊයේ (27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සදහා වූ තරගාවලියක් වන ” මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා ” ( Master Chef Australia ) තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මිහිගන් මහතා ලොව පුරා Read More

ගාස්තු අයකිරීමකින් තොරව වීසා ගන්න ක්‍රමය

විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඔක්තෝබර් මස 24 වනදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව 2024 වර්ෂයේ මාර්තු 31 වනදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් Read More

t

o

p