විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 1927 අංක 26 දරන වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීමේ යෝජනාව මේ වසරේ අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්විය.
යෝජිත සංශෝධන තවදුරටත් අධ්‍යයනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන්ගේ කමිටුවක් වෙත කරුණු යොමු කිරීමට එහිදී තීරණය කරන ලදි.
ඒ අනුව එම නිලධාරීන්ගේ කමිටු වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම්ව වෛද්‍ය ආඥාපනත සංශෝධන සඳහා කෙටුම්පත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.