ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 45-7ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින්. මෙම අවසන් මහා තරගය පැවැතුණේ කොලඹ තුරග තරග පිටියේදියි.

නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට

කුඩා පැටවුන් සමඟ ගවයින් විසි දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මිහින්තලය රඹෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් කළ විශේෂ සෝදිසි කිරීමකදීයි ගවයින් සහිත ලොරිය අත්අඩංගුවට ගෙන ඇත. බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිට බේරුවල දක්වා ගවයින් ප්‍රවාහනය කර තිබෙනවා. ලොරි රථයේ රියදුරු හා සහායක මෙහිදී අත්අඩංගුවට ගැනුණි.

යුපුන් සහ නදීෂාගෙන් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (03) සමත් විය. එහිදි යුපුන් තත්පර 10.18 ක කාලයක් වාර්තා කළ බවයි වාර්තා වෙයි. එමෙන්ම නදීෂා රාමනායක එම තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

Ayur Ex – 2024 සම්ම­න්ත්‍ර­ණය අදත් හෙටත්

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍ය­න්ත­ර­යට රැගෙන යන ආයුර් එක්ස් (Ayur Ex – 2024) ජාත්‍ය­න්තර පර්යේ­ෂණ එළි­දැ­ක්වීමේ තෙදින සම්ම­න්ත්‍ර­ණයේ සමා­ර­ම්භක උත්ස­වය ඊයේ (3) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පති­රණ, අධ්‍ය­පන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත්, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජය­කොඩි අමා­ත්‍ය­ව­රුන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් කොළඹ විශ්ව­වි­ද්‍යා­ලීය වෛද්‍ය පීඨයේ UCFM Tower ප්‍රධාන ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය Read More

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (04) දිනයේ විවෘත කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන්කළේ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල අද පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බවය. මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් Read More

මුහුදු රළ ඉහළ යාම සහ මුහුදු රළ ගොඩබිමට පැමිණීම පිළිබද අවවාධාත්මක නිවේදනයක්

මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කර තිබේ. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහන් මෙම නිවේදනය අදාළ වන බවයි. ඒ අනුව එහි දැක්වෙන්නේ එම මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ Read More

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට (03) යෙදී තිබේ. 1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග, බලපෑම් Read More

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4කට රජයෙන් බිලියන 26.6ක සහල්

ජනාධීපති රනිල් වි්‍ක්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනූව දිවයිනේ දිස්ත්‍රික්ක 25 හිම අඩු ආදායම්ලාභී පවුල් සදහා අප්‍රේල් සහ මැයි මාස සදහා සහල් කිලෝ 10 බැගින් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවද, ඒ සදහා මුළු දිවයිනේම අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4ක් සුදුසුකම් ලැබ ඇති අතර මේ සදහා රජය රුපියල් බිලියන 26.6ක් වැය කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී Read More

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට (03) යෙදී තිබේ. 1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග, බලපෑම් Read More

ගෑස් මිල පහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175කින් අඩු කෙරෙනවා. එම මිල අඩුකිරීමත් සමග රුපියල් 4115ක්ව පැවති ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3940ක් වෙයි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල Read More

t

o

p