Lanka News Page

පුතු මැරූ පළිය ගන්නට ඇෆ්ගන් මවක් තලේබාන්වරුන් 25ක් මරයි

තලේබාන් ප‍්‍රහාරයකදී සිය පුතු මියයනු දුටු මවක් සටන්කාමීන් 25ක් මරා දමමින් සටන් කළ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වේ. නොවැම්බර් 17වනදා උදෑසන බටහිර ඇෆ්ගනිස්ථානයේ ෆාරා ප‍්‍රාන්තයේ ඉරාන දේශසීමාවට යාබදව පිහිටා ඇති බලාබොලොක් දිස්ත‍්‍රික්කයට මෙම ප‍්‍රහාරය එල්ලවී තිබේ. රීසා ගුල් පවසා ඇත්තේ පොලිසියේ සේවය කළ සිය පුතු රාජකාරි කළ මුරපොළ තලේබාන් ප‍්‍රහාරයට ලක්වන විට වේලාව පෙරවරු 5 පමණ Read More

නිස්කලංක රටවල් 10ට ලංකාවත්

2015 වසරේ දී නිදහසේ සහ නිස්කලංකව සංචාරය කළ හැකි ස්ථාන සහිත රටවල් දහය අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ. අමෙරිකාවේ ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව අදාළ නම් කිරීම සිදුව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව 2015 වසරේ දී ලොව නිදහසේ සහ නිස්කලංකව සංචාරය කළ හැකි රටවල් අතර දස වැනි ස්ථානය ශ්‍රී ලංකාවට Read More

පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට රැකියා

පුනරුත්ථාපන වැඩසටහන සාර්ථක ව අවසන් කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,030 දෙනෙකු පමණ සමාජගත කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් රාජ්‍ය හා පෞද්ගලික අංශවල රැකියාවන් හි නිරත වේ. සිවිල් ආරක්ෂක අංශයේ 666 දෙනෙකු ද, ගුරුවරුන් ලෙස 61 දෙනෙකු සහ රාජ්‍ය අංශයේ වෙනත් තනතුරුවල 255 දෙනෙකු ද රැකියාවල නිරත වේ. මීට අමතර ව විදේශ රැකියා ශ්‍රමිකයන් 502 යොමුකර Read More

තවත් නවතම බස් රථ 5ක් යාපනයට

ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් නව බස් රථ 5ක් යාපනය බස් නැවතුම් පොළ වෙත ලබා දී ඇත. මෙම බස් රථ දිනපතා දුරගමන් සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත. සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) මෙම බස් රථ යාපනය ඩිපෝවට භාර දෙන ලදී. මෙම බස් රථවලින් බස් රථ 2ක් යාපනය Read More

ඊජිප්තුවේ අධිකරණයෙන් හිටපු ජනපති හොස්නි මුබාරක්ට එරෙහි චෝදනා ඉවතට

ඊජිප්තු අධිකරණය විසින් එරට හිටපු ජනාධිපතිවරයා වන හොස්නි මුබාරක් වෙත පවරා තිබූ සියලු ම චෝදනාවලින් නිදහස් කර තිබෙන බව හින්දු පුවත් සේවය වාර්තා කරයි. 2011 ජනවාරි ඊජිප්තු විප්ලවයේ දී සිය ගණනක් විරෝධතාකරුවන් මරාදැමීම පිළිබඳව මීට වසර 2කට පෙර එනම් 2012 ජුනි මාසයේ දී කයිරෝ අධිකරණය විසින් මුබාරක්හට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබුණි. නැවත Read More

ඉන්දියාවට යන්න 5000යි

ලබන වසරේ සිට රුපියල් පන්දහසක මුදලකින් ඉන්දියාවට ගමන් කිරීමට පහසුකම් සලසන බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා පවසයි. කොළඹ සිට තලෙයි මන්නාරම දක්වා දුම්රිය ධාවනය ලබන වසරේ මුල භාගයේදී ඇරැඹෙන බවත් ඉන්දියාව හා ලංකාව අතර නැව් සේවාව ද ඒ හා සමඟම ඇරැඹෙනු ඇතැයි ද ඒ මහතා පවසයි. කොළඹ තලෙයි මන්නාරම රාත්‍රී තැපැල් දුම්රිය ඇරැඹීමත් සමඟම Read More

මෙරට ගණිකාවන් රැසකට ඒඞ්ස්..

ශ‍්‍රී ලංකාව තුල ගණිකා වෘත්තියේ නියැලෙන්නන්ගෙන් වැඩි පිරිසකට ඒඞ්ස් රෝගය වැළඳී ඇති බැවින් ඒඞ්ස් රෝගය වේගයෙන් පැතිරී යාමේ දැඩි අවදානමක් ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකය පවසයි. එම ඒකකය වැඩිදුරටත් පවසන්නේ මෙරටින් වසරක් පාසා වාර්තා වන ඒඩස් වෛරසය ශරීරගත වූවන්ගෙන් 0.2%ක් පමණ ගණිකා වෘත්තියේ නියැලෙන්නන් බවයි.

සාමය සහ සහජීවනය ගොඩනැඟූ ජනපතිට ඉන්දියාවේ ඉස්ලාම් ආගමික ආධ්‍යාත්මික නායකයාගෙන් ආශිර්වාද

දශක තුනක් රට වෙලාගෙන තිබූ රුදුරු ත්‍රස්තවාදය නිමා කර, රට සංවර්ධනයෙන් ද ඉදිරියට ගෙන යමින් රට තුළ සාමය සහ සහජීවනය ගොඩනැඟූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉන්දියාවේ ඉස්ලාම් ආගමික ආධ්‍යාත්මික නායකයා සිය ආශිර්වාදය පළ කරයි. මේ දිනවල දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ ඉස්ලාම් ආගමික ආධ්‍යාත්මික නායක අෂීන් හාසිර් ආලිම් පූජකතුමා අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපතිතුමා Read More

මහේල – සංගා ජය ගෙන එයි – ශ්‍රී ලංකාව 2-0 ලෙස තරගාවලියේ ඉදිරියෙන්

අද (29) පස්වරුවේ අවසන් වුණු ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් එංගලන්තය පරදා කඩුළු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය. තෙවැනි කඩුල්ලට අගනා ලකුණු 149ක සම්බන්ධතාවක් වාර්තා කරමින් මහේල ජයවර්ධන නොදැවී ලකුණු 77ක් ද කුමාර් සංගක්කාර 67ක් ද නොදැවී ලබාගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය වෙත රැගෙන ගියහ. මෙය ඔවුන් දෙදෙනා එක් Read More

ජනපති හා සිතාසි හා ඇස්කීසිවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා සිතාසි හා ඇස්කීසිවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. අධිකරණ අමාත්‍යංශයේ ලේකම් කමලිනී ද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

t

o

p