ඉන්දියාවට යන්න 5000යි

November 29, 2014

ලබන වසරේ සිට රුපියල් පන්දහසක මුදලකින් ඉන්දියාවට ගමන් කිරීමට පහසුකම් සලසන බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා පවසයි.

කොළඹ සිට තලෙයි මන්නාරම දක්වා දුම්රිය ධාවනය ලබන වසරේ මුල භාගයේදී ඇරැඹෙන බවත් ඉන්දියාව හා ලංකාව අතර නැව් සේවාව ද ඒ හා සමඟම ඇරැඹෙනු ඇතැයි ද ඒ මහතා පවසයි.

කොළඹ තලෙයි මන්නාරම රාත්‍රී තැපැල් දුම්රිය ඇරැඹීමත් සමඟම ඉන්දු – ලංකා නැව් සේවාව ඇරැඹෙනු ඇති බවත් නැව් දෙකක් ඒ සඳහා පැමි‚යහොත් රාත්‍රී දුම්රිය දෙකක් යෙදවීමට සිදුවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව තලෙයි මන්නාරම් තොට වරායක් මෙන්ම රේගුවක් ලෙස ද ක්‍රියාත්මක වන අතර ඉන්දියාව දක්වා ගමන් කරන වන්දනාකරුවන්ට මෙන්ම උතුරේ ජනතාවට ද අඩු මිලකට ඉන්දියාවට ගමන් කිරීමට මෙම ගමන් මාර්ගය ඉවහල් වනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p