Lanka News Page

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේදී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

22%කින් අඩු වෙන විදුලි බිල

මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කර තිබේ. ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු වනු Read More

ඩොලරය කැපී පෙනෙන පහළට

ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 297.19 ක් ලෙසත් විකුණුම් මිල රු. 306.40 ක් ලෙසත් සටහන් වී ඇත. අද දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය සටහන් Read More

සිව්වෙනි වරටත් යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

2024 චීන- රුසියානු ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය ඇරඹේ

2024 චීන- රුසියානු ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය දකුණු චීනයේ ගුවං තුං පළාතේ දී ඇරඹේ. චාන් චියං නුවර පිහිටි යුද වරායක දී එහි සමාරම්භක උත්සවය ඊයේ (14) පැවැත්විණ. චීනය හා රුසියාව අතර නාවික හමුදා සංවර්ධන ක්ෂේත්‍රයේ පුළුල් සම්බන්ධතා පවතී. දෙරට නාවික හමුදාවන්හි ඒකාබද්ධ යුද අභ්‍යාස යාන්ත්‍රණය වඩාත් සවිමත් වී ඇතැයි මෙවර වැඩසටහන මෙහෙයවන චීනය කියයි. රුසියාව Read More

බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පනී

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය බණ්ඩාරවෙල සහ හීල් ඔය අතර දී පීලි පැන ඇත. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා බාධා මතු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක්

බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි. එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක මුදල රුපියල් 90 දක්වා අඩු කර ඇති බවයි. කොළඹදී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලලිත් ධර්මසේකර මහතා Read More

අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ කරන්න ජනපති ගෙනආ සැලසුම

ඓතිහාසික අනුරාධපුර නගරය නැවතත් ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඓතිහාසික ජය ශ්‍රී මහ බෝධිය පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද සුර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට එක්වෙමිනි. අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින පරිශ්‍රයට විදුලිය සැපයීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත Read More

මාර්ගගත විසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සභාපතිගේ වාර්තාව නොපිළිගනී

මාර්ගගත ක්‍රමය ඔස්සේ සංචාරකයන්ට විසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ දසිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව නොපිළිගන්නා බව එම කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පවසති.ශෙහාන් සේමසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන සුරෙන් රාඝවන්, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල් ද සිල්වා, සීතා අරඹෙපොළ, අනුප පැස්තුවල් ජොන්ස්ටන් ප්‍රනාන්දු, මධුර විතානගේ ඇතුළු එම මන්ත්‍රීවරුන් Read More

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව විසින් අද (14) අළුයම 3.00ට නිකුත්කළ එම නිවේදනය දැක්වෙන්නේ, අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙසය. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු Read More

t

o

p