මාර්ගගත විසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සභාපතිගේ වාර්තාව නොපිළිගනී

July 14, 2024

මාර්ගගත ක්‍රමය ඔස්සේ සංචාරකයන්ට විසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද
සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව නොපිළිගන්නා බව එම කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පවසති.ශෙහාන් සේමසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන සුරෙන් රාඝවන්, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල් ද සිල්වා, සීතා අරඹෙපොළ, අනුප පැස්තුවල් ජොන්ස්ටන් ප්‍රනාන්දු, මධුර විතානගේ ඇතුළු එම මන්ත්‍රීවරුන් පිරිස එම වාර්තාවේ සඳහන් කරුණු වලට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කාරක සභාව වෙත ලැබුණු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධ සංඛ්‍යා ලේඛක එකිනෙකට පරස්පර විරෝධී හෙයින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කරන්නැයි තම මන්ත්‍රී තම මන්ත්‍රී කණ්ඩායම සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද අලුත්ගමගේ මහතා කීය. එහෙත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.එම විරෝධය නොසලකා වාර්තාව
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

t

o

p