එජාප මැයි රැළියට වැඩිම සහභාගීත්වය කොළඹින්

April 7, 2017

පසුගිය වර මෙන් මෙවරද එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය සදහා වෙඩිම පිරිසක් කොළොඹ දිස්ත්‍රික්කයෙන් සහභාගී කරවීමට අද (06) දින සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්වූ පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් තීරණය කරන ලදී . එක්සත් ජාතික පක්ෂ උප නායක මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් සංවිදායක සභාපති රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රදාත්වයෙන් පැවති මෙම රැස්වීමට 800 කට වෙඩි ක්‍රියාකාරීන් පිරිසක් සහභගී වූ අතර ඔවුනගේ බොහෝ ගැටුලු වලට පිළියම් ලබාදෙන ආකාරය රවී කරුණානායක මැතිතුමා විසින් පැහැදිලි කර දෙන ලදී. බොහෝ වෙහෙස මහසියෙන් ගොඩනගා ගත් මෙම රජය ආරක්ෂාකර ගනිමින් නුදුරේදීම සියලුම පාක්ෂිකයන්ට සහන සලසන ආකාරයද අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදී.
පාක්ෂිකයන් විසින් ඉදිරිපත්කල ගැටලු වලටද අමාත්‍යවරයා විසින් පැහදිලිව ලබාදුන් පිලිතුරු හමුවේ පාක්ෂිකයන් සපත කලේ එළබෙන මැයි දිනය සාර්ථක කර ගැනීමට සිය උපරිම සහය ලබාදෙන බවයි . ඒ අනුව 30,000කට අධික පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියට එක් වීමට නියමිතය. නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා , පාර්ලිමේන්තු මත්‍රීවරුන් වන ජේ සී අලවතුවල, මුජුබුර් රහුමාන් සහ හේෂා විතාන ඇතුලු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට සහබාගී වූ අතර සංවාද මණ්ඩපය මෙහෙයවීම Green Blood සංවිදානයේ සතිර සරත්චන්ද්‍ර සහ විමුක්ති දුෂානත මහතුන් විසින් සිදු කරන ලදී.
UNP-sirikotha

t

o

p