හොඳම මුදල් ඇමති වූ රවීට සහෝදර මැති ඇමැතිවරුන්ගෙන් ශුභාශිංසන

April 5, 2017

ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස “ද බෑන්කර්” සම්මානයෙන් පිදුම් ලැබූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (05) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හරසරින් පිළිගනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ තරුණ මැති ඇමැතිවරුන් විසින් අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක් කිරීම පිළිබඳව මන්ත්‍රීවරු රවී කරුණානායක මහතාට ශුභාශිංසන එක් කර සිටියහ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් මහතා ද එක් ව සිටියේ ය. පිළිගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ තමාට ලැබුණු සම්මානය පෞද්ගලිකව ලත් ජයග්‍රහණයකට වඩා රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බවයි.  “ද බෑන්කර්” සම්මානයෙන් පිදුම් ලැබීම මූල්‍ය විනය අතින් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත වීමක් බව ද අමාත්‍යවරයා පැවැසීය.

Ravi-in-parliment1 Ravi-in-parliment2

t

o

p