හම්බන්තොට වාරයේ ආරක්ෂාව නාවික හමුදාවට

March 31, 2017

ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට හමිබන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ ආරක්ෂක කටයුතු මුළුමණින්ම පැවරීමට රජය පියවර ගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් ගනු ලැබු තීරණයකට අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව මෙලෙස නාවික හමුදාව යටතට පැවරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා රජය හා චිනයේ චයිනා හාබර් සමාගම සමඟ දීර්ඝ ලෙස පවත්වනු ලැබූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට වරායේ සියලූ කටයුතු නාවික හමුදාව යටතට ගැණුනු බව රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදාවේ විශේෂ අනුකණ්ඩයක්ද එහි ස්ථාපික කිරිමට ද පියවර ගෙන ඇත.

t

o

p