සෝමාලියානු කොල්ලකරුවන් නෞකාව හා නාවිකයන් නිදහස් කරයි

March 17, 2017

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ පැහැරගත් ඒරීස් 13 නෞකාව සහ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයන් අටදෙනා නිදහස් කර තිබේ.

පසුගිය 13දා පැහැරගත් මෙම නෞකාව නිරුපද්‍රිතය මුදාගැනීමට රජය විශාල උත්සාහයක් ගනු ලැබීය.

පැහැරගත් නෞකාව මුදා හැරීමට කොල්ලකරුවන් විසින් මුලදී කප්පම් මුදල් ඉල්ලා තිබුණි. එහෙත් කප්පම් මුදල් අයකර ගැනීමකින් තොරව නෞකාව හා නාවිකයන් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නෞකාව බේරා ගැනීමට මුහුදු කොල්ලකරුවන් හා සෝමාලියානු ආරක්ෂක අංශ අතර ඊයේ අවස්ථා කිහිපයකිදි වෙඩි හුවමාරු සිදුවී තිබුණි.
ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නෞකාව වෙත වෙඩි ප්‍රහාර එල්ල නොකරන ලෙස ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහාතා සෝමාලියානු රජයෙන් හා එරට ආරක්ෂක අංශ වලට දැනුම් දීමක කර තිබුණි.

t

o

p