සෝමාලියානු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි

March 15, 2017

සෝමාලියානු මුහුදු තීරයේදී පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව මුදාහැරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව යුරෝපා සංවිධානයේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම් කාර්යාලය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආයුධ සම්පන්න පිරිසක් නෞකාවේ සිටින බව පැහැරගැනීමට ලක්වූ කොමරෝස් ධජය සහිත  Aris 13 නම් නෞකාවේ ප්‍රධානියා යුරෝපා සංවිධානයේ එම මෙහෙයුම සමග ප්‍රකාශ කර තිබේන බවද වාර්තා වේ.

පැහැරගත් නැව වෙනුවෙන් ඉල්ලා සිටින කප්පම් මුදල පිළිබඳ මේ වනතෙක් තීරණයක් ගෙන නැතැයි පැහැරගත් නෞකාව සමග සම්බන්ධකම් ඇති මුහුදු කොල්ලකරුවෙක් ප්‍රකාශ කළ බව ද සඳහන්වේ.

මෙම කොල්ලකරුවන් නෞකාවේ කාර්ය මණ්ඩලය එක කාමරයකට දමා වසා ඇතැයි ද සන්නිවේදන ජාල අවහිර කර ඇතැයි ද බයිල් හසේන් මහතා ඇසෝසියේටඩ් පුවත් සේවයට පවසා ඇත.

ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් සමන්විත වූ එම නෞකාව ඩිජිබෞටි සිට සෝමාලියා අගනගරය වන මොගදිසු වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබියදී බෝට්ටු දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැරගැනීමට ලක් වූයේ යැයි ඔෂන්ස් බියෝන්ඩ් පයිරසි සංවිධානයේ ජෝන් ස්ටීඩ් මහතා කියයි.

මෙම පැහැරගැනීම සෝමාලියා මුහුදු තිරයේදී 2012න් පසු පැහැරගත් විශාලම වාණිජ නෞකාව යි. නෞකාවේ ප්‍රධානියා විසින් අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කළ බව ද විදෙස් මාධ්‍ය පවසයි.

චීනය, ඉන්දියාව හා ඉරානය වැනි රටවල නාවික හමුදා විසින් සෝමාලියානු කොල්ලකරුවන්ගේ මුහුදු කොල්ලකෑම් අවුරුදු ගණනාවක සිට නවතා දමා ඇති වකවානුවක සිදුවු මෙම පැහැරගැනීම ජාත්‍යන්තර නාවික කර්මාන්තයේ කැළඹීකට හේතු වී තිබේ.

සෝමාලියානු කොල්ලකරුවන් නැවත ප්‍රහාර ආරම්භ කිරීමට හැකි බවට ඇමෙරිකාව ඔක්තෝබර් මාසයේදී අනතුරු අඟවා තිබිණි. එසේ වුවත් මෙම මුහුදු ප්‍රදේශයේ ගෙන ගිය ආරක්ෂක වැඩිපිළිවෙල ලිහිල් කළ බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. නේටෝ සංවිධානය ද ඔවුන්ගේ මුහුදු කොල්ලකරුවන්ට එරෙහි මෙහෙයුම් දෙසැම්බර් මාසයේදී නවතා දමා ඇත.

t

o

p