මුදල් ඇමතිධූරය වෙනස් නොකරන්නැයි මහ සංඝරත්නය ජනපතිට හා අගමැතිට කියයි

March 13, 2017

මුදල් අමාත්‍යධූරයේ කිසිදු වෙනසක් නොකරන ලෙස මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටියි.
මහ නාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් කෝටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හා නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත යන නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් දේශපාලනඥයින්ගේ අවශ්‍යතා මත මුදල් අමාත්‍යධූරය වෙනස් කරන්න උත්සාහ කළද මේ අවස්ථාවේ ඊට ඉඩ නොදෙන ලෙසද මහනාහිමි දෙපළ ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියෝ සහ තීනියාවල පාලිත නාහිමියෝ වැඩිදුරටත් කියා ඇත්තේ ආර්ථිකය අමාරු අවස්ථාව ගෙවි ගොස් එහි ප්‍රතිලාභ එද්දි රවි කරුණානායක ඇමතිවරයා ඉන් ඉවත් කිරිම බුදුදුහමටද නොගැලපෙන ක්‍රියාවක් බවයි.
මේ කාරණය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද ඉදිරියේදි දැනුම්වත් කිරිමටද බලාපොරොත්තු වන බවද තිනියාවල පාලිත නිහිමයෝ ප්‍රකාශ කළහ.

t

o

p