ගිනිගත් නිවසට පැන කාන්තාව බේරු ශ්‍රී ලංකා තරුණයාට හරසර

March 13, 2017

කොරියාවේදී ගිනිගන්නා නිවසට පැන කාන්තාවක් බේරාගත් අපේ රටේ  තරුණයාට ඥානසාර හිමියන් හරසර පිරිනමා ඇත.
ගිනි ගන්නා නිවසක් තුළට ගොස් වයස්ගත කාන්තාවක් බේරාගත් ශ්‍රී ලාංකික නිමල් නමැති තරුණයකු  පිළිබඳ පුවතක් දකුණු කොරියාවෙ මාධ්‍ය වාර්තා කර සිටියා.
කාන්තාව බේරාගැනීමට ගින්දර තුලට යාම හේතුවෙන් ඔහු පිළිස්සුම් තුවාල ලැබූ බවයි වාර්තා උනේ.
මේ අතර විශේෂ ධර්ම දේශනයක් සදහා කොරියාවට වැඩම කර සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, තේගු ලංකාරාමාධිපති කටුවන විජිතවංශ හිමි සහ මැදබැද්දේ පියනන්ද හිමි  විසින් අදාළ වීරක්‍රියාව සිදුකල තරුණයා ගෙන්වා ඔහුගේ ක්‍රියාව අගය කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ඥානසාර හිමි, සිංහලයා නිතරම අන්‍යයන් වෙනුවෙන් තම ජීවිතය උවත් පරදුවට තැබීමට පසුබට නොවන ඓතිහාසික ජාතියක් බවත් මෙම වීර ක්‍රියාව සිදු කල තරුණයා පිලිබදව අප ආඩම්බර විය යුතු බවත් පෙන්වා දෙනු ලැබුවා.

t

o

p