ඩොලරය ඉහළ ගිය හේතුව හෙළිවෙයි

February 24, 2017

ඇමෙරිකානු ඩොලරයේ අගය හිටි හැටියේම ඉහළ යාමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ටෙම්පල්ටල් අරමුද‍ලේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම බව රජය පවසයි. මාර්ක් හෝබ්යන්ස් යටතේ ඇති ටෙම්පල්ටන් අරමුද‍ලේ මුදල් හිටිහැටියේම මෙරටින් ගෙන යාමට හේතු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඩොලරය සියයට 0.25කින් අවප්‍රමාණය වීම බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ඩොලර් බිලියන 8ක ප්‍රමාණයක් නැවත ගැනීමට ටෙම්පල්ටන් අරමුද‍ලේ ප්‍රධානී මාර්ක් හෝබ්යන්ස් පියවර ගෙන තිබිමත්, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය අවප්‍රමාණය වීමත් සමගම ඩොලරයේ අගය ඉහළ ගිය බව රජයේ ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

t

o

p