විමල් සන්ධානයෙන් ඉවත්විමේ ලිපිය පාර්ලිමේන්තුවේදිම ලියයි

February 23, 2017

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්විමේ ලිපිය මේ දැන් මෙතනදි ලියා අවසන් කළ බව විමල් විරවංශ මහතා පාර්ලිමේන්තුවේදි අද (23) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවිර මහතාට ප්‍රකාශ කළේය.
ඇමතිවරයා සභාවෙන් පිටව යාමට කලින් එය ලබා දිය හැකි බවද මන්ත්‍රීවරයා කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙනවා නම් ඒ පිළිබඳව ලිඛිතව සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන්ට දැනුම් දිය යුතු බවට ඇමති මහින්ද අමරවිර මහතා සභාවේදි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
බෙලහත්කාරයෙන් මාව තියාගන්න උවමනාවක් නෑනේ…. කතානායකතුමාටත් දැනුම් දී ක්‍රියාත්මක කරන්න යැයි ද විමල් විරවංශ මන්ත්‍රීවරයා කියා සිටි අතර ලිපිය ලද පසු තින්දුවක් දෙන බව එහිදි මහින්ද අමරවිර ඇමතිවරයා කීවේය.

t

o

p